Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

07th April 2024 20:34:01 Hours

22වන පාබල සේනාංකයේ සේනාංකාධිපතිගේ සහභාගිත්වයෙන් එල්ලේ තරගාවලියක් පවත්වයි.

22වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පි ඒ එම් පිරිස් ආර්එස්පි යුඑස්පි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ සංකල්පයකට අනුව 223වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් වයිඑච්පි රංගජිව යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ පුර්ණ අධික්ෂණය යටතේ පාබසේමු සහ ඒකකයන්හි රාජකාරි කරනු ලබන නිලධාරි හා සෙනින්ගේ සහභාගිත්වයෙන් එල්ලේ තරගාවලියක් 2024.03.27 වන දින හා 2024.03.30 වන දින මොල්ලිපොතාන හමිඩියා ක්‍රිඩංගණයෙදි උත්කර්ෂවත් ලෙස පවත්වන ලදි.

අවසන් මහ තරගය සදහා සුදුකම් ලැබු 5(සෙව්) කලතුවක්කු රෙජිමේන්තු කණ්ඩායම හා 6වන සන්නාහ සන්නද්ධ බලකා කණ්ඩායම අතර තරගයෙන් 6 වන සන්නාහ සන්නද්ධ බලකා කණ්ඩායම සුරයින් වූ අතර අනුසූරයින් වශයෙන් 5(සෙව්) කලතුවක්කු රෙජිමේන්තු කණ්ඩායම කුසලාන සහ සහතික ලබාගන්නා ලදී. සුරයින් හා අනු සුරයින් අගයමින් කුසලාන හා සහතිකපත් 22වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පි ඒ එම් පිරිස් ආර්එස්පි යුඑස්පි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි හා 223වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් වයිඑච්පි රංගජිව යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ සුරතින් ජයග්‍රාහකයින් හට පිරි නමන ලදි.

මෙම අවස්ථාව සදහා 22වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පි ඒ එම් පිරිස් ආර්එස්පි යුඑස්පි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි හා 223වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් වයිඑච්පි රංගජිව යුඑස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරි සහ, අනෙකුත් පබසෙමූ/ඒකක අණදෙන නිලධාරීන් නිපධාරීන් සහබාගී විය. මෙම ඒල්ලේ තරගාවලිය සදහා කණ්ඩායම් 10 ක් තරග කර ඉන් අවසන් මහ තරගය සදහා සුදුකම් ලැබු 5(සෙව්) කලතුවක්කු රෙජිමේන්තු කණ්ඩායම හා 6වන සන්නාහ සන්නද්ධ බලකා කණ්ඩායම් සුදුසු කම් ලැබූහ තවද සිංහල, දමිළ හා මුස්ලිම් දුදරුවන් විසින් ඉදිරිපත් කරන ලද විචිත්‍රවත් නාර්ථනාංග වලින් ක්‍රිඩාංගණය අලාංකාරවත් කරන ලදි.