Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

01st April 2023 09:24:51 Hours

223 බලසේනාවේ සම්මාන මුර පීථිකාව සහ පහසුකම් සංකීර්ණය 22 වන සේනාංකයේ සේනාංකාධිපතිගේ අතින් විවෘත කරයි

223 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් ප්‍රභාත් රංගජීව ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සංකල්පයකට අනුව 223 පාබල බලසේනාවේ පිවිසුම් දොරටුවේ සම්මාන මුර පීථිකාවක් ඉදිකරන ලද අතර සියලු නිලයන්ගේම සුබසාධනය සඳහා කරනවෑමි සහ සපතේරුහලකින් සමන්විත පහසුකම් සංකීර්ණයක් ද ඉදිකරන ලදී.

223 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් ප්‍රභාත් රංගජීව ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ ආරාධනයෙන් 2023 මාර්තු 27 වන දින 22 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සාලිය අමුණුගම ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ අතින් භට පිරිස් සඳහා පහසුකම් සංකීර්ණය විවෘත කරන ලදී.

223 පාබල බලසේනාවේ සියලුම නිලධාරීන්ගේ සහ සෙසු නිලයන්ගේ උත්සහයෙන් මෙම සම්මාන මුර පීථිකාව සහ පහසුකම් සංකීර්ණය ඉදිකරන ලදී. 223 වන පාබල බලසේනාවේ බලසේනාධිපති සමඟින් සියලුම නිලධාරීන් සහ සෙසු නිලයින් විවෘත කිරීමේ උත්සවයට සහභාගී වූහ.