Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

12th December 2023 14:25:33 Hours

222 පාබල බළසේනාව සේරුවාවිල ශ්‍රී සුමේදන්කර දහම් පාසල් සිසුන්ගේ අධ්‍යාපනය දිරිමත් කරයි

22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් පිඒඑම් පීරිස් ආර්එස්පි යුඑස්පි පිඑස්සි ඡ්‍යෙෂ්ඨ නිලධාරිගේ දැක්ම සහ මගපෙන්වීම යටතේ 222 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එච්කේඑස් තිලකරත්න ඡ්‍යෙෂ්ඨ නිලධාරි විසින් සේරුවාවිල ශ්‍රී සුමේදන්කර දහම් පාසලේ 1 සිට 4 ශ්‍රේණියේ ආර්ථික අපහසුතා ඇති සිසුන් 101ගේ අධ්‍යාපනය දිරිමත් කිරීමේ අරමුණින් පාසල් ලිපි ද්‍රව්‍ය සහ උපාංග බෙදා හැරීමේ වැඩසටහනක් පවත්වන ලදී. 9 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී මේජර් සීඩීපී ජයතිලක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ඡ්‍යෙෂ්ඨ නිලධාරි සහ භට පිරිස් විසින් 2023 දෙසැම්බර් 10 වන දින සේරුවාවිල මංගල රජමහා විහාරස්ථාන පරිශ්‍රයේදී මෙම උත්සවය සංවිධානය කරන ලදී.

222 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එච්කේඑස් තිලකරත්න ඡ්‍යෙෂ්ඨ නිලධාරිගේ ඉල්ලීම පරිදි ඔස්ට්‍රේලියාවේ පදිංච් රෝපිත ගන්නෝරුව මහතා ඇතුළු පවුලේ අය විසින් ලබාදුන් රුපියල් 220,000 මුල්‍ය ආධාරය මෙම වටිනා වැඩසටහන් සඳහා දායක වන ලදී. මෙයට අමතරව සේරුවාවිල දහම් පාසලේ සිසුන් 250 කට සහ ගුරුවරුන් සඳහා දිවා ආහාරය ලබා දෙන ලදී.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් පිඒඑම් පීරිස් ආර්එස්පි යුඑස්පි පිඑස්සි ඡ්‍යෙෂ්ඨ නිලධාරි සහභාගී විය. 222 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එච්.කේ.එස් තිලකරත්න සහ සිවිල් සම්බන්ධිකරන නිලධාරී, ලුතිනන් කර්නල් ඩී එස් කේ සේනාරත්න ඡ්‍යෙෂ්ඨ නිලධාරින්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනුග්‍රාහකයා සහ ඔහුගේ පවුලේ සමාඡිකයන්, 9 විජයබාහු පාබල රෙජිමේන්තුවහි අණදෙන නිලධාරී සහ භට පිරිස් මෙම අවස්ථාවට සහභාගි වූහ.