Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

29th March 2023 09:53:29 Hours

222 පාබල බළසේනාව විසින් අඩු ආදායම්ලාභී පවුල් සඳහා වියළි සලාක ඇසුරුම් පරිත්‍යාග කරයි

ආරක්‍ෂක සේනා (නැගෙනහිර) ආඥාපති, මේජර් ජෙනරාල් සුජීව හෙට්ටිආරච්චි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සංකල්පයකට අනුව 22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සාලිය අමුණුගම ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මගපෙන්වීම මත 222 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් සාලිය ඩයස් ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ අධීක්ෂණය යටතේ 2023 මාර්තු 25 වන දින සේරුනුවර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සේරුනුවර, තෝපූර් සහ කිලිවෙඩ්ඩි ප්‍රදේශ අවට අඩු ආදායම්ලාභී පවුල් සඳහා අත්‍යවශ්‍ය වියළි සලාක බෙදා හැරීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදි.

ඒ අනුව, මෙම වැඩසටහන සදහා කැනඩාවේ පදිංචි රාජ් මොහාන් මහතා සහ ඔහුගේ පවුලේ අයගේ ධන පරිත්‍යාගයෙන් අඩු ආදායම්ලාභී පවුල් අතර රුපියල් 4000 බැගින් වටිනා අත්‍යාවශ්‍ය වියළි සලාක ඇසුරුම් 25ක් බෙදා දෙන ලදී. මෙම අවස්ථාව සඳහා 222 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් සාලිය ඩයස් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ අතර, 7 වන සන්නද්ධ බුද්ධි බලකායේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් චතුර මාතරගේ, බළඇණියේ නිලධාරීන් සහ සෙසු නිලයින්, ප්‍රතිලාභීන් සහ පරිත්‍යාගශීලීන්ගේ නියෝජිතයින් සහභාගී වූහ.