?

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

07th July 2025 10:30:12 Hours

221 පාබල බළසේනා මුලස්ථානයේ බළසේනාධිපති තුමන් ශාන්ත ජෝසප් විද්‍යාලයේ පැවති ජනාධිපති බාලදක්‍ෂයාට උපහාර දැක්විමේ උත්සවයට සහභාගි විම.

ත්‍රිකුණාමලය ශාන්ත ජෝසප් විද්‍යාලයේ ජනාධිපති බාලදක්‍ෂ මාස්ටර් ජෙරම් ඕෂින්ටන් ඇගයිම සදහා සංවිධානය කරනු ලැබු උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 221 පාබල බළසේනාවේ බළසේනාධිපති කර්නල් ඊඩබ්ලිව්ආර්එස්බි ඇහැලේපොල යුඑස්පි යුඑස්ඒසීජිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් සහභාගි විය.

මෙහිදි උත්සවය අමතමින් කර්නල් ඊඩබ්ලිව්ආර්එස්බි ඇහැලේපොල යුඑස්පි යුඑස්ඒසීජිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් විසින් ශාන්ත ජෝසප් විද්‍යාලයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරන ලබන එම අවස්ථාවේ තරුණ බාලදක්‍ෂයින්ගේ නොපසුබට උත්සාහය කැපවිම හා පාසලට හා සමාජයට දක්වන දායකත්වය අගය කළේය.

තවද, එම අවස්ථාවට ත්‍රිකුණාමලයේ රදගුරු සහ පාසලේ අනුශාසක ගරු ආචාර්ය ක්‍රිස්ටියන් නොයෙල් එමානුවෙල්, සම්භාවනිය ආරාධිතයින්, පාසලේ විදුහල්පති, කාර්ය මණ්ඩල සමාජිකයින්, දෙමාපියන් සහ සෙසු සිසුන් සහභාගි විය.