Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

02nd March 2023 15:36:32 Hours

221 පාබල බලසේනාවේ භට පිරිස් විසින් පාසල් උපකරණ පරිත්‍යාග කරන ලදී

ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් සුජීව හෙට්ටිආරච්චි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සංකල්පයකට අනුව 22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සාලිය අමුණුගම ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් පරිදි 221 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් සුජීව රත්නායක ජ්‍යෙෂ්ඨ නිලධාරි සමග 221 පාබල බලසේනාවේ භට පිරිස් විසින්, පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් සිසුන් සඳහා පාසල් උපකරණ සහ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ප්‍රදානය කිරීමේ වැඩසටහනක් 2023 පෙබරවාරි 27 වන දින ත්‍රිකුණාමලය සිංහල මධ්‍ය මහා විද්‍යාලයේදී සංවිධානය කරන ලදි.

ලක්ෂ 1.5 ක වටිනාකමකින් යුත් පාසල් උපකරණ සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පාසලේ සිසුන් 25 දෙනෙකු අතර ත්‍රිකුණාමලය සිංහල මධ්‍ය මහා විද්‍යාලයේ ශ්‍රවණාගාරයේදී බෙදා දී ඇත. එක්සත් රාජධානියේ "United Kingdom Chestnut Foundation" හි ප්‍රධාන විධායක නිලධාරී ආචාර්‍ය නදිත් කෞෂල්‍ය මහතාගේ අනුග්‍රහය යටතේ මෙම පරිත්‍යාග වැඩසටහන සිදුකරන ලදි. 221 පාබල බලසේනාවේ මාණ්ඩලික නිලධාරී 3 ලුතිනන් තුසිත තිලකරත්න විසින් භාණ්ඩ පරිත්‍යාග කළ ආචාර්‍ය නදිත් කෞෂල්‍ය මහතා සම්බන්ධීකරණය කර ඇත.

221 පාබල බලසේනාවේ සිවිල් කටයුතු නිලධාරී ලුතිනන් කර්නල් කමල් ජයවීර ජ්‍යෙෂ්ඨ නිලධාරි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගී වූ අතර 221 පාබල බලසේනාවේ නිලධාරීන් සහ සෙසු නිලයින් මෙම පරිත්‍යාග වැඩසටහන සඳහා සහභාගී විය. වෛද්‍ය නදිත් කෞෂල්‍ය නියෝජනය කරමින් නිරෝෂා සුරංගි තිලකරත්න මහත්මිය ද වැඩසටහන සදහා සහභාගි වූහ. මෙම අවස්ථාවට සිංහල මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන් සහ සිසුන්ගේ දෙමාපියන් සමග විදුහල්පති ඇතුළු ආචාර්ය මණ්ඩලය එක්ව සිටියහ.