?

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

05th October 2025 10:40:49 Hours

221 පාබල බලසේනාව කොළඹ ජාත්‍යන්තර පාසල මහනුවර ශඛාව සමග එක් වී පුළුල් අධ්‍යාපන පරිත්‍යාගයක් සම්බන්ධීකරණය කරයි

කොළඹ ජාත්‍යන්තර පාසලේ මහනුවර ශාඛාවේ කාර්ය මණ්ඩලය සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන් එකතු වි 2025 ඔක්තෝබර් මස 04 වන දින ත්‍රිකුණාමලයේ ත්‍රි එරක්කණ්ඩි සිංහල මහා විද්‍යාලයට රු. 400,000.00 ක් පමණ වටිනා පොත්, ලිපි ද්‍රව්‍ය, ක්‍රීඩා උපකරණ සහ සන්නිවේදන උපකරණ කට්ටලයන් පරිත්‍යාග කරන ලදි.

මෙම අර්ථවත් ව්‍යාපෘතිය සම්බන්ධීකරණය කරන ලද්දේ 221 පාබල බල සේනාවේ බල සේනාධිපති තුමන් වන බ්‍රිගේඩියර් ඊඩබ්ලිව්ආර්එස්බී ඇහැලේපොල යූඑස්සී යුඑස්ඒසීජීඑස්සී සහ ව්‍යාපාර අධ්‍යන අංශය කොළඹ ජාත්‍යන්තර පාසල මහනුවර ශාඛාවේ අංශ ප්‍රධානි වන අංජලි ඇහැලේපොල මැතිණිය විසිනි. එම ජාත්‍යන්තර පාසල නියෝජනය කරමින් ජාත්‍යන්තර උසස් අධ්‍යාපන ප්‍රධානී ශංකර් රාජමනි මහතා, එම ජාත්‍යන්තර පාසලේ කාර්ය මණ්ඩල සාමාජිකයින් සහ වැඩ බලන උප විදුහල්පතිණිය වන විවේකා පියදිගම මහත්මියගේ මඟ පෙන්වීම හා උපදෙස් යටතේ සිසුන් පිරිසක් සහභාගී වූ අතර, ඔවුන් සියලු දෙනාම අධ්‍යාපනය තුළින් දරුවන් සවිබල ගැන්වීම සඳහා කැප වී සිටින ලදී.

මෙම උත්සවය තුලින් පාසලට මෙන්ම එහි අවට ප්‍රජාවට ද, අමතක නොවන මහගු අවස්ථාවක් විය. ඉදිරි අධ්‍යන වර්ෂය සඳහා සෑම සිසුවෙකුටම අවශ්‍ය අගනා පොත් කට්ටලයක් හා ඔවුන්ගේ ක්‍රීඩා කෞෂල්‍ය මෙන්ම විෂය භාහිර දැනුමේ ක්‍රියාකාරකම් වැඩි දියුණු කිරීම සඳහා අවශ්‍ය අනෙකුත් අත්‍යවශ්‍ය උපකරණ ද පිරිනමන ලදී. ත්‍යාගශිලීත්වයට අමතරව මහනුවර පිටකන්ද පාරේ '' සපුමල් සංගමය " විසින් පාසල් පොත් බෑග් 50 ක් පරිත්‍යාග කරන ලද අතර ඒවාද එම සිසු දරු දැරියන් අතර ඛෙදා දෙන ලදී. 221 පාබල බලසේනාවේ සිවිල් සම්බන්ධිකරණ නිලධාරිගේ පුර්ණ අධික්ෂණය හා මග පෙන්වීම යටතේ 2 (සෙව්) ගජබා රෙජිමේන්තුව විසින් වර්ණවත් ලෙස සංවිධානය කරන ලද මෙම පරිත්‍යාග උත්සවය සඳහා ත්‍රි/ එරක්කණ්ඩි සිංහල මහා විද්‍යාලයේ සිසු දරු දැරියන්, දෙමපියන් සහ ගුරුවරුන් සහභාගී වන ලදි.

මෙම උතුම් සත් ක්‍රියාව සම්බන්ධීකරණය කිරීම සඳහා කොළඹ ජාත්‍යන්තර පාසල මහනුවර ශාඛාව සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට ගුරුවරුන් සහ දෙමාපියන් සිය කෘතඥතාව පළ කළ අතර මෙම උදාර දායකත්වය නිසාවෙන් දරුවන්ගේ නිර්මාණ ශිලිත්වය වැඩි දියුණු වන අතර එම දරුවන්ගේ අධ්‍යපන ප්‍රගතිය ශක්තිමත් වන බව ඔවුන් අවධාරණය කළේය. වැඩසටහන පුරා වටම පැවති එකමුතුකම උද්යෝගයෙන් සියලු දෙනා එක්ව එකම අරමුණක් පිළිබඳ ව වැඩ කිරීමේ හැකියාව සහයෝගිතාවය හා තරුණ පරම්පරාවට දීප්තිමත් අනාගතයක් ගොඩනන්වා ගැනීමේ උදාරතර සංකල්පය ද මෙමගින් ඉස්මතු වන ලදී.