Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

08th June 2023 15:23:35 Hours

22 වන පාබල සේනාංකයේ, සේනාංකාධිපති නව ධූරයෙහි රාජකාරි අරඹයි.

22 වන පාබල සේනාංකයේ, සේනාංකාධිපති වශයෙන් මේජර් ජෙනරාල් ජි එම් එන් පෙරේරා ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි එන්ඩිසි ජ්‍යෙෂ්ඨ නිළධාරි 2023 ජුනි මස 07 වන දින සුභ මොහොතින් නව ධූරයෙහි රාජකාරි ආරම්භ කලේය.

නව සේනාංකාධිපති තුමන් සේනාංක මූලස්ථාන ප්‍රධාන දොරටුව අභියසදී කදවුරු මුරයක් පිරිනමනු ලැබීය. ඉන් අනතුරුව මේජර් ජෙනරාල් ජි එම් එන් පෙරේරා ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි එන්ඩිසියන ජ්‍යෙෂ්ඨ නිලධාරි නිළ ලේඛණයට අත්සන් තබමින් සිය ධූරයෙහි රාජකාරි භාරගැනිම සනිටුහන් කරන ලදි.

ඉන් අනතුරුව නව සේනාංකාධිපති තුමන් පැලයක් රෝපණය කල අතර, ඉන් පසු පැමිණි සිටි භඨපිරිස් ඇමතීමෙන් පසුව සේනාංකයේ මාණ්ඩලික නිලධාරිවරුන්ගේ සමාලෝචන සාකච්ඡාවෙන් අනතුරුව දවසේ කටයුතු අවසන් විය. තවද මෙම උත්සවය සදහා සේනාංකයේ සියලුම නිළධාරින් සහ සෙසුනිළයින්, බළසේනාධිපති වරුන්, අණදෙන නිළධාරිවරුන් සහභාගි වන ලදි.