?

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

18th December 2025 09:31:17 Hours

22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති තුමා ත්‍රිකුණාමලයේ රදගුරුතුමා හමුවීමට යාම

22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එච්ඩිඑල්එස් පෙරේරා ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩිසි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමා ත්‍රිකුණාමලයේ රදගුරුතුමා හමුවීමට ගිය අතර, එම ප්‍රදේශයේ පවතින ආපදා තත්ත්වය පිළිබඳව සුහද සාකච්ඡාවක් පැවැත්විණි. සහන බෙදා හැරීම, ගලවා ගැනීමේ උත්සාහයන් සහ අඛණ්ඩ මානුෂීය සහයෝගය ඇතුළු විපතට පත් ප්‍රජාවන්ට සහාය වීම සඳහා 22 වන සේනාංකයේ භට පිරිස් විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව 22 සේනාංකයේ සේනාංකාධිපතිතුමා විසින් විස්තර කල අතර, මෙම අභියෝගාත්මක කාල පරිච්ඡේදයේදී සිවිල් ජනතාව ආරක්ෂා කිරීම සහ ඔවුන්ට සහාය වීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ කාලෝචිත මැදිහත්වීම සහ අඛණ්ඩ කැපවීම රදගුරුතුමා අගය කළේය.