Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

25th September 2022 13:03:56 Hours

22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති 221, 222, 223 යන පාබල බළ‌ෙස්නාවන්හි සංචාරයක් සිදු කරයි

22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සනත් අලුවිහාරේ ආර්ඩබ්පි ආර්ඒස්පි ජ්‍යෙෂ්ඨ නිළධාරී නික්ම යාමට පෙර 221, 222 සහ 223 වන පාබල බළසේනාවල සහ ඒ යටතේ ස්ථාපිත බළඇණිවල 2022 සැප්තැම්බර් 07 සිට 16 දක්වා සංචාරයක නිරත විය.

භඨපිරිස් අමතමින්, 22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති විසින් පුද්ගලික විනයේ වටිනාකම් විශේෂයෙන් ඉස්මතු කළ අතර, අනාගතයේ දී යුද හමුදාවේ අභියෝගවලට මුහුණ දීම සඳහා පුහුණු වීම් වලට ප්‍රමුඛත්වය ලබා දෙන ලෙස සෙබළුන්ට අවධාරනය කරන ලදී. තවද, යුද හමුදාවේ ප්‍රතිරූපය ආරක්ෂා කර ගනිමින් ප්‍රදේශයේ බහු වාර්ගික ප්‍රජාවන්ගේ සිත් දිනා ගැනීමේ වගකීම පැවරෙන බව ඔහු අවධාරණය කළේය.

මෙම සංචාර අතරතුර, අදාළ බළසේනාවේ බළ‌ෙස්නාධිපතිවරුන් සහ ඒ ඒ බළඇණිවල අණදෙන නිළධාරීන් විසින් සේනාංකාධිපති තුමන් ඉතා උණුසුම් ලෙස පිළිගන්නා ලදී. පැමිණි සේනාංකාධිපති සියළුම ස්ථානවල භඨපිරිස් අමතා සිය නිළ කාලය තුළ සියළුම නිළයන් විසින් සිදු කරන ලද සේවාවන් ඇගයීමට ලක් කරන ලද අතර අනාගතයේදී ද ඔවුන්ගේ සේවාවන් ඵලදායි ලෙස ලබා දීමට ඔවුන් උනන්දු කරන ලදී.