Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

13th February 2023 13:31:31 Hours

22 වන පාබල සේනාංකයේ භටපිරිස් සදහා ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග වැළැක්වීමේ කරුණු පිළිබද දැනුවත් කිරීමේ දේශණයක් පවත්වන ලදි

ආරක්‍ෂක සේනා (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් සුජීව හෙට්ටිආරච්චි ජ්‍යෙෂ්ඨ නිළධාරිතුමන්ගේ මග පෙන්විම අනුව 22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සාලිය අමුණුගම ජ්‍යෙෂ්ඨ නිළධාරීතුමන්ගේ උපදෙස් යටතේ 22 වන පාබල සේනාංකයේ මාණ්ඩලික නිළධාරින් විසින්, 2023 පෙබරවාරි 08 වන දින පාබල සේනාංක මූලස්ථානයේ බදාදා පුහුණු වැඩසටහනට සමගාමීව ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග වැළැක්වීම පිළිබඳ දේශනයක් සංවිධානය කරන ලදී.

ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග සහ වැළැක්වීමේ ක්‍රම පිළිබඳ මෙහිදී භට පිරිස් දැනුවත් කිරීම සදහා, ආරාධිත දේශකයෙකු වශයෙන් ත්‍රිකුණාමලය මහ රෝහලේ ලිංගාශ්‍රිත රෝග සායනය භාර වෛද්‍ය නිලධාරීනී වෛද්‍ය ආර්.ඒ. දේවරාජ් මහත්මිය සමග පුදේශයේ මහජන ‍ෙසෟඛ්‍ය පරික්ෂක නිලදාරි පි. ජගන් මහතා සහභාගී විය. මෙම වටිනා සහ කාලීන දේශන සැසිය සඳහා 22 පාබල සේනාංකයේ සියලුම නිලධාරීන් සහ සෙසු නිලයින් සහභාගී වන ලදී.