Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

07th May 2023 09:55:58 Hours

22 වන පාබල සේනාංකයේ භට පිරිස් විසින් නිලාවේලි වෙරළ තීරය පිරිසිදු කරයි

ත්‍රිකුණාමල දිස්ත්‍රික් වෙරළ සංරක්ෂණ අධිකාරිය විසින්, 22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එස්බී අමුණුගම ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩියු වෙත කරනු ලැබු ඉල්ලීමකට අනුව, සේනාංකාධිපතිගේ උපදෙස් මත ශ්‍රි ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා පොලිසිය සහ ප්‍රදේශයේ සෙසු රාජ්‍ය ආයතන හා සම්බන්ධීකරණයෙන් ත්‍රිකුණාමලය ප්‍රදේශයේ නිලාවේලි වෙරළ තීරය පිරිසිදු කිරිමේ වැඩසටහනක් 221 පාබල බළසේනාව විසින් සංවිධානය කරනු ලැබිය. මේ සදහා එම බළසේනාවේ බළසේනාධිපතිගේ පුර්ණ අධීක්‍ෂණය යටතේ 17 ශ්‍රිලංජාආබමු ඒකකයේ නිළධාරි/භඨපිරිස් 2 x 50 ක ප්‍රමාණයක් සහභාගි විය. සංචාරක ආකර්ෂණය අතින් ඉතා ඉහල මෙම ප්‍රදේශයේ ‍වෙරළ තීරය පිරිසිදුව තබා ගැනිම අත්‍යවශ්‍ය වන අතර මෙම සද්කාර්‍යය ප්‍රදේශවාසින්ගේ හා සංචාරක කේෂ්ත්‍රය හා සම්බන්ධ අයවළුන්ගේ නොමද ප්‍රශංසාවට බදුන් විය. මෙය වැඩසටහන 2023.05.04 වන දිනය පුරා සිදුකරන ලදි.