Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

10th May 2023 10:45:50 Hours

22 වන පාබල සේනාංකයේ භට පිරිස් විසින් ත්‍රිකුණාමලය මඩුවන්කුලම සහ පුනේආරු කැලෑ ප්‍රදේශයේ අතරමං වු සිවිල් වැසියන් රාත්‍රිය පුරා සිදු කරන ලද ‍සෝදිසි මෙහෙයුමකින් සොයා ගන්නා ලදි.

22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති, මේජර් ජෙනරාල් සාලිය අමුණුගම ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මෙහෙයවිම යටතේ 17 වන බලඇණිය ශ්‍රිලංකා ජාතික ආරක්ෂක බලමුලුවේ භට පිරිස් විසින් 2023 මැයි 09 වන දින ත්‍රිකුණාමලය කුඹුරුපිඩිඩි මඩුවන්කුලමි සහ පුනෙයි - ආරු කැලෑ ප්‍රදේශයේ අතරමං වු සිවිල් වැසියන් 04 දෙනෙකු සොයාගෙන නිරුපද්‍රිතව භාර කරුවන් වෙත භාරදෙන ලදි. වීදි වෙළෙන්දන් වු මෙම ගම්වාසින් කැළැවෙන් කඩා ගන්නා කැළෑ පලතුරු සහ දර ඇතුළු දෑ අලෙවි කරන්නන් වන අතර, ඔවුන් ඊයේ (මැයි 08) අළුයම ‍ ‘’පලු‘’ නෙලිමට සහ දර එකතු කිරිමට ඉහත කි කැලෑ ප්‍රදේශයට ගොස් ඇත. ඔවුන්ගේ වැඩ නිමවිමෙන් පසු සවස අදුරත් සමග නැවත තම ගම්මානයට යාමට ඇති මාර්ගය සොයාගත නොහැකිව අතරමං වි ඇති මෙම පිරිස දුරකථන මාර්ගයෙන් ගම්වාසින් සම්බන්ධ කර ගැනිමට දැරූ උත්සහයන්ද දුරකථන සංඥා තරංග නොමැතිවිමෙන් අසාර්ථක වි ඇත.

අනතුරුව කුඹුරුපිඩ්ඩි පොලිස් ස්ථානයේ ඉල්ලිම මත 17 ශ්‍රිලංජාආබමු සෙබළුන් සහ ගම්වාසින් එදින රාත්‍රි 2130ට සෝදිසි මෙහෙයුමක් දියත් කරන ලදි. එදින රාත්‍රි පුරා සිදුකරන ලද කරන ලද සොදිසි මෙහෙයුමකින් පසු මැයි 09 වන දින උදෑසන අතුරුදහන් වු පිරිස් සමග සන්නිවේදනයක් ඇති කර ගැනිමෙන් අනතුරුව සෝදිසි මෙහෙයුම සාර්ථක කර ගැනිමට භට පිරිස්හට හැකිවිය. මෙම සෝදසි මෙහෙයුම මගින් යුද්ධ හමුදා භට පිරිස් එක් පිරිමි පුද්ගලයෙකු සහ ගැහැණු පුද්ගලයින් තිදෙනෙකු ආරක්‍ෂිතව කැලෑ ප්‍රදේශයෙන් පිටතට රැගෙන විත් ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් වෙත භාරදෙන ලදි. මෙම සෝදිසි මෙහෙයුම 221 වන පාබල බලසේනාවේ බළසේනාධිපතිගේ අධික්‍ෂණය යටතේ සිදුකරන ලද අතර, ඒ සදහා 17 ශ්‍රිලංජාආබමු 2 x 24 භට පිරිසක් සහභාගි විය.