Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

23rd June 2023 10:21:34 Hours

22 වන පාබල සේනාංකයේ භට පිරිස් විසින් කන්‍යා ප්‍රදේශයට නුදුරින් පිහිටි කසළ ගොඩකිරීමේ ස්ථානයක ගින්නක් පැතිරීම මැඩපැවැත්වූහ.

ත්‍රිකුණාමලය, කන්‍යා ප්‍රදේශයේ පිහිටි ත්‍රිකුණාමලය මහනගර සභාවේ කසළ බැහැර කරන ස්ථානයේ ජූනි 22 වැනි දින පස්වරු 0430 ට පමණ ගින්නක් හටගත් අතර, 22 වන පාබල සේනාංකයේ භට පිරිස් විසින් කන්‍ය ප්‍රදේශයේ ආසන්නයේ කසල බැහැර කරන ස්ථානයේ ගින්න පැතිර යෑම නැවැත්වීම සදහා නාවික හමුදාව, පොලිසිය සහ ගිනි නිවිමේ භට කණ්ඩායම්වල සහ සිවිල් වැසියන්ගේ සහය ලබා ගන්නා ලදි.

22 පාබල සේනාංකයේ සේනාංකාධිපති තුමාගේ මග පෙන්විම මත 221 වන බලසේනාවේ බලසේනාධිපතිගේ අධීක්‍ෂණය යටතේ 22 වන පාබල සේනාංක මුලස්ථානය, 221 වන පාබල බලසේනාව, 2 වන ගජබා රෙජිමේන්තුවේ භට පිරිස් සහ හදිසි බේරාගැනිමේ කණ්ඩායම් වලට අයත් නාවික හමුදාව, පොලීසිය, ගිනි නිවිමේ භට කණ්ඩායම්වල සහ සිවිල් වැසියන්ගේ සහය ඇතිව. එම ගින්න එදින සවස් කාලය වනවිට සාර්ථක ලෙස මැඩපැවත්වීමට භටපිරිස් සමත් විය.

ගින්නෙන් කසළ බැහැර කරන හෙක්ටයාර දෙකක පමණ ප්‍රදේශයක් විනාශ වී ඇති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.