Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

17th December 2023 09:15:24 Hours

22 වන පාබල සේනාංකයේ නව සේනාංකාධිපති බලසේනාවන්හි පළමු නිල සංචාරය

22 වන පාබල සේනාංක මූලස්ථානයේ නව සේනාංකාධිපති මේජර් ජෙනරාල් පී ඒ එම් පීරිස් ආර්එස්පී යූඑස්පී පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි සිය ධූරයේ රාජකාරි භාරගැනීමෙන් පසු 2023 දෙසැම්බර් 07,09,13යන දිනයන්හි 221 පාබසේමූ, 222 පාබසේමූ හා 223 පාබසේමූ සහ එම බලසේනා මූලස්ථානයන් යටතේ පාලනය වන ඒකකයන්හි පළමු නිල සංචාරය සිදු කරන ලදි.

නව සේනාංකාධිපතිගේ මෙම සංචාරයේ අරමුණ වූයේ බලසේනා මුලස්ථානයේ හා ඒකකයන් ස්ථානගත වී ඇති ස්ථානයන් පිළිබද හා බළප්‍රදේශයේ සිදුකරන රාජකාරි පිළිබද අවබෝධයක් ලබා ගැනීමටය. මෙහිදී බළසේනාධිපතිවරුන්, ඒකක අණදෙන නිලධාරින් සහ කාර්යය මණ්ඩලය වෙතින් සේනාංකාධිපති උණුසුම් අයුරින් පිළිගන්නා ලදි. තවද, භට පිරිස් අමතමින්, සේනාංකාධිපති විසින් සෙබළුන්ගේ සුභසාධක පහසුකම් නංවාලීම සහ රාජකාරි ස්ථානයේ උසස් අයුරින් විනය පවත්වා ගැනීම පිළිබඳව විශේෂයෙන් අවධාරණය කරන ලදී.