Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

09th October 2022 12:34:34 Hours

22 වන පාබල සේනාංකයේ නව සේනාංකාධිපති ආරකාරි අරඹයි.

22 වන පාබල සේනාංකයේ, සේනාංකාධිපති වශයෙන් මේජර් ජෙනරාල් එසිබි අමුණුගම ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිළධාරි 2022 ඔක්තෝබර් මස 05 වන දින සුභ මොහොතින් නව ධූරයෙහි රාජකාරි ආරම්භ කලේය.

නව ආඥාපති තුමන් මූලස්ථාන ප්‍රධාන දොරටුව අභියසදී කදවුරු මුරයකින් පිළිගත් අතර සරඹ භුමියේදි භඨ පිරිස් විසින් සම්මාන මුරයක් පිරිනමනු ලැබීය. ඉන් අනතුරුව මේජර් ජෙනරාල් එසිබි අමුණුගම ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිළ ලේඛණයට අත්සන් තබමින් සිය ධූරයෙහි රාජකාරි භාරගැනිම සනිටුහන් කරන ලදි.

ඉන් අනතුරුව නව සේනාංකාධිපති භඨපිරිස් ඇමතු අතර සියලු නිල තේපැන් සංග්‍රහයකින් පසු දවසේ කටයුතු අවසන් විය.

මෙම උත්සවය සදහා බළසේනාධිපති වරුන්, අණදෙන නිළධාරින්, නිළධාරින් සහ සෙසුනිළයින් සහභාගි වන ලදි.