Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

10th March 2024 11:31:31 Hours

22 වන පාබල සේනාංකය සහ 9වන විජයබාහු පාබල රෙජිමේන්න්තුව විසින් සේරුවිල මංගල රාජ මහා විහාරයේ දහම් පාසල් ළමුන් සදහා දිවා ආහාර වේලක් ලබාදෙයි.

සේරුවිල මංගල රාජමහා විහාරයේ දහම් පාසලහි ඉගෙනුම ලබන දහම් පාසල් සිසුන් 350 කට දිවා ආහාර වේලක් ලබාදිම තමින්ද ප්‍රියදර්ශන මහතා ඇතුලු පවුලේ සැමගේ ධන පරිත්‍යාගයෙන් 2024 මාර්තු මස 03 වන දින පවත්වන ලදි. මෙම වැඩසටහන 22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් පිඒඑම් පිරිස් ආර්එස්පි යුඑස්පි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මගපෙන්විම මත 222වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එච්කේඑස් තිලකරත්න ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සහ 9 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි සහ සියළුම නිලයන්ගේ සහභාගිත්වයෙන් සංවිධානය කරන ලදි.

22වන වන පාබල සේනාංකයේ සේනාංකාධිපතිගේ මගපෙන්විම යටතේ සිදුකරන ලබන මෙම සත්කාරක වැඩසටහන් වර්ථමාන විහාරාධිපති හිමියන් වන අති පුජ්‍ය අළුදෙණියේ සුබෝධි හිමි විසින් ඉතා ඇගයිමට ලක් කරන ලදී.