Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

25th February 2022 18:18:35 Hours

22 වන පාබල සේනාංකය විසින් නිෂ්පාදනය කරන ලද තවත් කාබනික පොහොර තොගයක් ලංකා පොහොර සංස්ථාව වෙත නිකුත් කෙරේ

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් පරිදි රජයේ කාබනික පොහොර නිෂ්පාදන ක්‍රියාවලියට ප්‍රබෝධයක් ලබාදෙමින් 22 වන පාබල සේනාංකය යටතේ ඇති භට පිරිස් විසින් නිෂ්පාදනය කරන ලද තවත් කාබනික පොහොර තොගයක් සීමාසහිත පොහොර සමාගම (ලක් පොහොර) වෙත භාරදිම ත්‍රිකුණාමලයේ පිහිටි 22 පාබල සේනාංක මූලස්ථාන පරිශ්‍රෙ‍යේදි සෙනසුරාදා දින (19) පැවැත්විණි.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ලාල් චන්ද්‍රසිරි ජ්‍යෙෂ්ඨ නිලධාරී විසින් නැගෙනහිර පළාතේ සීමාසහිත ලංකා පොහොර සමාගමේ දිස්ත්‍රික් අලෙවි විධායක ආර්.එම්.ඩී.රත්නායක මහතා වෙත කොම්පෝස්ට් පොහොර 48339 Kg ක ප්‍රමාණයක් සංකේතාත්මකව ප්‍රධානය කරන ලදී.

22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සනත් අලුවිහාරේ, 221, 222 සහ 223 පාබල බළසේනාවල බළසේනාධිපතිවරුන්, 22 වන පාබල සේනාංකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සෙසුනිලයින් සහ ලංකා පොහොර සමාගමේ නිලධාරීන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.