Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

01st August 2023 11:51:33 Hours

22 වන පාබල සේනාංකය 26 වැනි සංවත්සරය සමරයි

22 වන පාබල සේනාංක මූලස්ථානයේ 26 වන සංවත්සරය වෙනුවෙන් 2023.07.23 වන දිනට ‍යෙදි තිබු අතර, ඒ වෙනුවෙන් උත්සව මාලාවක් සංවිධානය කරන ලදි. මෙම පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් මිහිදු පෙරේරා ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සංකල්පයකට අනුව, සේනාංකය, බලසේනා හා ඒකක අතර අභියෝගතා ක්‍රිකට් තරගාවලියක් කණ්ඩායම් 10 ක සහභාගිත්වයෙන් ජූලි මස 14 හා 15 දිනයන්හි පවත්වන ලදි.

තවද, ජූලි මස17 වන දින “කරුණා නිවස” වැඩිහිටි නිවාසයේ ශ්‍රමදාන වැඩසටහනක් ක්‍රියාත්මක කල අතර, 18 වන දින උදෑසන “රේවත” ළමා නිවාසය වෙනුවෙන් දිවා ආහාර වේලක් හා ත්‍යාග බෙදාදීමේ උත්සවයක්ද සංවිධානය කරන ලදි. එදිනම සවස මෙම පාබල සේනාංක ක්‍රීඩාංගනයේදි අභියෝගතා ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය පවත්වන ලදි. එහිදි 5 වන ස්වේච්ඡා කාලතුවක්කු කණ්ඩායම ශූරතාවය දිනාගත් අතර, 20 වන ගජබා රෙජිමේන්තු කණ්ඩායම අනුශූරතාව දිනා ගන්නා ලදි.

සියලුම රණවිරුවන්ට හා සේනාංකය වෙත සෙත්පතා ජූලි මස 22 වන දින රාත්‍රීයේ සර්ව රාත්‍රික පිරිත් සඡ්ඣායනයක් පැවැත්වු අතර, පසුදින මහා සංඝරත්නය වෙත හීල්දානය පිරිනමා සේනාංකාධිපතිතුමන් සහ සියලුම නිලයින් ආශිර්වාද ලබා ගන්නා ලදි.

තවද, සංවත්සරය දිනය වෙනුවෙන් සේනාංකාධිපතිහට සම්මාන මුරයක් පිරිනැමීම, සමුහ ඡායාරූපයක් ලබාගැනිම, සේනාංකාධිපති විසින් භඨපිරිස් ඇමතිම, රුක් රෝපණය කිරිම හා සියලු නිල භෝජන සංග්‍රහයක්ද පවත්වා එදින උත්සව කටයුතු සාර්ථකව අවසන් කරන ලදි.

උත්සව මාලාවේ අවසන් සහ විචිත්‍රවත්ම අංගය ලෙස පාබල සේනාංකයෙහි සහ යටතේ ඇති පාබසේමු/ඒකකයන්ට අයත් සියළුම නිලයන් සදහා සංගීත ප්‍රසංගයක් සංවිධානය කරන ලදී. මෙම ප්‍රසංගය සදහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නැගෙනහිර ආරක්‍ෂක සේනා අඥාපති මේජර් ජෙනරාල් යූඩී විජේසේකර ආර්ඩබ්පී ආර්එස්පී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරී සහභාගී වූ අතර, 24, 53 සහ 58 වන පාබල සේනාංකයන්හි සේනාංකාධිපතිවරුන් ඇතුළු 22 පාසේමු යටතේ සිටින සියළුම බලසේනාධිපතිවරුන්, ඒකක අණදෙන නිලධාරීවරුන් මේ සදහා සහභාගි විය. එසේම, ත්‍රිකුණාමල ප්‍රදේශයේ උසස් රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රභූවරුන් රැසක්ද විශේෂ ආරාධිතයින් වශයෙන් සහභාගි විය.