Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

17th October 2022 11:22:16 Hours

22 වන පාබල සේනාංක විසින් "රේවත" ළමා නිවාසයේ ළමුන් සඳහා දිවා ආහාරයක් වේලක් ලබා දීම.

නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ප්‍රියන්ත ජයවර්ධන ජ්‍යෙෂ්ඨ නිළධාරීගේ සංකල්පයක් මත 22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සාලිය අමුණුගම ජ්‍යෙෂ්ඨ නිළධාරීගේ මඟපෙන්වීම සහ 221 වන පාබල බළෙස්නාවේ බළෙස්නාධිපති සුජීව රත්නායක ජ්‍යෙෂ්ඨ නිළධාරීගේ අධීක්ෂණය මත 22 වන පාබල සේනාංකයේ භඨපිරිස් විසින් ත්‍රිකුණාමලයේ "රේවත" ළමා නිවාසයේ ළමුන් සඳහා පිරිනැමෙන විශේෂ දිවා ආහාර ලබා දීම, අත්‍යාවශ්‍ය උපාංග පරිත්‍යාග කිරීම සහ සංගීත වැඩසටහනක්ද පවත්වන ලදී.

“73 වැනි යුද හමුදා සංවත්සරයට” සමගාමීව 2022 ඔක්තෝබර් මස (09) දින මෙම වැඩසටහන පවත්වන ලද අතර ළමුන් 30 ක් සහ කාර්ය මණ්ඩල සංඛ්‍යාව 05 දෙනෙකු සහභාගී විය.

තවද, 221 පාබල බළසේනාවේ බළසේනාධිපති, කර්නල් සුජීව රත්නායක ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ අතර, 22 වන පාබල සේනාංකයේ කර්නල් හේමන්ත පෙරේරා, 22 වන පාබල සේනාංකයේ නිළධාරීන් සහ සෙසුනිලයින් රැසක් මෙම අවස්ථාවට එක් විය.