Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

02nd March 2023 12:37:36 Hours

22 වන පාබල සේනාංක අභියෝගතා කුසලාන ක්‍රිකට් තරගාවලියේ ප්‍රධාන ආරධිත අමුත්තා ලෙස ආරක්ෂක සේනා නැගෙනහිර ආඥාපති සහභාගි වෙයි

තඹලගමුව, කෙන්නියා සහ මුතූර් ප්‍රදේශයන්හි ජාතීන් අතර සංහිදියාව වර්ධනය කිරිමේ හා තාරුණ්‍යයේ ක්‍රිඩා කෞෂල්‍ය ඔපනැංන්විමේ අරමුණින් 2023.02.22 වන දින සිට 2023.02.26 දින දක්වා ක්‍රිකට් තරගාවලියක් සංවිධානය කරන ලදී. 223 පාබල බළසේනා මුලස්ථානය සහ යටතේ පාලනය වන 6 වන ශ්‍රි ලංකා සන්නාහ සන්නද්ධ බලකාය හා 15 වන බළඇණිය ශ්‍රි ලංකා පාබල හමුදාව යන ඒකකයන්හි සංවිධාන ශක්තියෙන් අභියෝගතා කුසලාන ක්‍රිකටි තරගාවලිය පවත්වන ලදී.

එම ක්‍රිකට් තරගාවලිය සදහා කණ්ඩායම් 46ක් සහභාගි වු අතර, එම තරගාවලි තඹලගමුව මහජන ක්‍රිඩාංගනයේදි පවත්වන ලදි. එහිදි අවසන් මහ තරගය සදහා BMS කණ්ඩායම - කින්නියා හා “heaven eleven” කණ්ඩායම - කින්නියා සුදුසුකම් ලැබු අතර, අවසන් මහ තරගය 2023.02.26 වන දින පස්වරුවේ පවත්වන ලදි. තවද, BMS කණ්ඩායම - කින්නියා ක්‍රිකට් තරගාවලියේ ශුරතාවය දිනාගැනිමට සමත් වු අතර,“heaven eleven” කණ්ඩායම - කින්නියා තරගාවලියේ අනු ශුරතාවය දිනා ගන්නා ලදි.

අවසන් මහ තරගයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් සුජීව හෙට්ටිආරච්චි ජ්‍යෙෂ්ඨ නිලධාරි සහභාගි වු අතර ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් බිඑච්එන් ජයවික්‍රම මැති තුමන්, 22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති, මේජර් ජෙනරාල් සාලිය අමුණුගම¸ 223 පාබල බළසේනාවේ බළසේනාධිපති¸ පැරකුම්භා නාවික හමුදා කදවුරේ අණදෙන නිලධාරි¸ මොරවැව සහකාර පොලිස් අධිකාරි¸ බළප්‍රදේශයේ ප්‍රාදේශිය ලේකමි වරුන් සහ 6 වන ශ්‍රි ලංකා සන්නාහ සන්නද්ධ බලකාය සහ 15 වන බළඇණිය ශ්‍රි ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරි වරුන්, සෙසුනිළයින් හා ප්‍රදේශයේ සම්භාවනීය අමුත්තන් ඇතුලු තඹලගමුව, කෙන්නියා සහ මුතූර් යන ප්‍රදේශයේ ක්‍රිඩාලෝලීන් විශාල පිරිසක් සහභාගි වන ලදී.

මෙම තරගාවලිය සාර්ථක ලෙස සංවිධානය කිරීමේ මුල්‍යම අනුග්‍රහය හා කුසලානයන් සදහා අනුග්‍රාහක දායකත්වය තඹලමුව ප්‍රාදේශිය ලේකමි කාර්යාලය ඇතුලු සියලුම රාජ්‍ය/රාජ්‍ය නොවන ආයතන හී ආයතන ප්‍රධානීන් විසින් ලබාදෙන ලදී. තවද, මෙම ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය වඩාත් විචිත්‍රවත් කිරිම සදහා ශ්‍රි ලංකා යුධ හමුදා සේවා බලකායේ තූර්ය වාදක කණ්ඩායම 15 වන ශ්‍රි ලංකා පාබල හමුදාවේ ටයිකොන්ඩෝ ක්‍රිඩා කණ්ඩායම සහ උඩරට නර්ථන කණ්ඩායම, තඹලගමුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සංස්කෘතික නර්ථන කණ්ඩායම, තඹලගමුව කෝලම් කුට්ටම් විදයාලයේ දුවා දරුවන් සහ කලාප අධ්‍යාපන අධක්‍ෂක තුමා ඇතුලු එම පාසලේ කාර්යය මණ්ඩලය සහයෝගය ලබාදෙන ලදි.