Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

17th July 2024 09:40:18 Hours

22 පාබල සේනාංකයේ සිවිල් සේවකමහතුන් සහ පවුලේ සාමාජිකයන් වෙනුවෙන් සුහඳ හමුවක්

22 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් පී.ඒ.එම්. පීරිස් ආර්එස්පී යූඑස්පී පීඑස්සී ගේ මගපෙන්වීම යටතේ එම සේනාංකයේ සේවයේ නියතු සිවිල් සේවකමහතුන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් සඳහා 2024 ජූලි මස 13 දින සුහඳ හමුවක් පවත්වන ලදී. මෙම වැඩසටහන සඳහා සිවිල් සේවකමහතුන් 21 දෙනෙකු සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් 16 දෙනෙකු සහභාගිවූ අතර, ඔවුන් හට ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ වැදගත් ස්ථාන නැරඹීමට අවස්ථාව හිමි විය.

සුහඳ හමුව සහභාගිවූවන් වෙනුවෙන් ආහාර සහ නවාතැන් සැපයූ අතර, එදින සන්ධ්‍යාවේ දී සහභාවූවන්ට අලුත් අත්දැකීමක් එක්කරමින් වර්ණවත් සංගීතමය වැඩසටහනක් පවත් වන ලදී.