Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

04th December 2022 12:58:09 Hours

22 පාබල සේනාංකය භඨ පිරිස් විසින් සංගීත සන්ධ්‍යාවක් පවත්වයි

22 පාබල සේනාංකය විසින් සංවිධානය කරන ලද සංගීත සන්ධ්‍යාවක් 2022 නොවැම්බර 29 වන දින සාම්පූර් මධ්‍ය මහා විද්‍යාල ක්‍රීඩාංගණයේදී පවත්වන ලදි.

22 පාබල සේනාංකයේ සෙනාංකාධිපතිගේ සංකල්පය සහ මගපෙන්වීම අනුව 223 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් රවීන්ද්‍ර ජයසිංහ ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ අනුග්‍රහය ඇතිව 22 වන පාබල සේනාංකයේ භඨ පිරිස් විසින් “මිත්‍රත්ව සංගීත සන්ධ්‍යාව” සංවිධානය කරන ලදී.

ඒ අනුව මෙම සංගීත සංදර්ශනය සාම්පූර් මධ්‍ය මහා විද්‍යාල ක්‍රීඩාංගණයේදී පැවැත් වු අතර 4 වන ශ්‍රී ලංකා පාබල හමුදා තූර්ය වාදක කණ්ඩායම විසින් සංගීතය සපයන ලදි. ප්‍රදේශයේ වෙසෙන බහු ආගමික ප්‍රදේශවාසීන් විශාල පිරිසක් සංගීත සංදර්ශනය නැරඹීම සහභාගි වි සිටියහ.

මෙම අවස්ථාව සදහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ආරක්‍ෂක සේනා (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් සුජිව හෙට්ටිආරච්චි ජ්‍යෙෂ්ඨ නිළධාරි, 22 පාබල සේනාංකාය් සේනාංකාධිපති මේජර් ජෙනරාල් සාලිය අමුණුගම ‌ජ්‍යෙෂ්ඨ නිළධාරි, නාවික හමුදා නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ නිළධාරින්, නිළධාරින් හා ප්‍රදේශයේ පරිපාලන අධිකාරියේ සම්භාවනීය අමුත්තන් සහභාගී විය.