Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

11th December 2023 11:43:59 Hours

22 පාබල සේනාංක මූලස්ථානය මගින් පිටත සවි කරන ලද ජල යන්ත්‍ර සහිත බෝට්ටු ක්‍රියාකරවිම පිළිබඳ 2 වන පුහුණු පාඨමාලාව

22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් පිඒඑම් පිරිස් ආර්එස්පි යුඑස්පි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සංකල්පයක් මත, මෙම බලප්‍රදේශය තුල සිදුකෙරෙන සෙවීමේ හා මුදවා ගැනීමේ මෙහෙයුම් සදහා සහභාගිවන සෙනින්හට, පිටත සවි කරන ලද ජල යන්ත්‍ර සහිත බෝට්ටු ක්‍රියාකරවිම පිළිබඳ න්‍යායාත්මක සහ ප්‍රායෝගික පුහුණු පාඨමාලාවක්, 2023 නොවැම්බර් 27 සිට 2023 දෙසැම්බර් 09 වන දින දක්වා 7 වන ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ උපදේශක සහයද ඇතිව මෙම පාසේමුහි පවත්වන ලදි. ඒ සදහා බලප්‍රදේශය තුල රාජකාරි සිදුකරන සෙසුනිළයින් 34දෙනෙකු සහභාගිවූ අතර, මෙම පාඨමාලාව මගින් බෝට්ටු එන්ජින් කොටස් හදුන්වාදීම, පණ ගැන්වීම, ක්‍රියාවිරහිත කිරීම, දෝෂ හදුනා ගැනීම, දෝෂ මගහරවා ගැනීම, අළුත්වැඩියා කිරීම මෙන්ම ගංගාවක, මහ මුහුදෙහි, සැඩ පහරක සහ ගංවතුර ආපදා තත්වයකදී බෝට්ටුව හැසිරවීම පිලිබද න්‍යායාත්මක සහ ප්‍රායෝගික පුහුණුවක් ලබාදෙනු ලැබූ අතර, අවසානයේදී, ලිඛිත හා ප්‍රායෝගික පරීක්‍ෂණයක්ද පවත්වන ලදී.

මෙම පාඨමාලාවෙහි අවසන් දේශණය 2023.12.10 වන දින පැවත්වු අතර, එහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් 22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් පිඒඑම් පිරිස් ආර්එස්පි යුඑස්පි පිඑස්සි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි සහභාගිවූ අතර, මෙම සේනාංකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් හා නිලධාරින් මෙන්ම සෙසුනිලයින්ද මෙම අවස්ථාවට සහභාගීවන ලදි. තවද, මෙම පාඨමාලාවෙහි සිසුන් 34 දෙනා අතරින් ප්‍රථම ස්ථානය සෙ/527399 කෝප්‍රල් වික්‍රමසිරි ඩිපිඩියුකේ - 9 විපාරෙ සෙනියා විසින් ලබා ගන්නා ලදි.