Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

16th October 2023 09:52:53 Hours

22 පාබල සේනාංක අත්පන්දු අභියෝගතා කුසලානය - 2023

22 පාසේමු හා යටතේ පාලනය වන පාබසේමු/ඒකක අතර, අත්පන්දු අභියෝගතා කුසලානය 2023 ඔක්තෝබර් මස 10 වන දින 5 (සෙව්) ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා කදවුරේ අත්පන්දු ක්‍රීඩාපිටියේදි පවත්වන ලදි

22 පාසේමු වෙතින් පවත්වන ලද මෙම තරගාවලිය සදහා 22 පාසේමු, 221 පාබසේමු, 222 පාබසේමු, 223 පාබසේමු, 6 ශ්‍රීලසසබ, 15 ශ්‍රීලපාහ, 20 ගරෙ, 9 විපාරෙ, 5 (සෙව්) ශ්‍රීලකාහ හා 2 (සෙව්) ගරෙ මූලස්ථාන/ඒකකයන්හි කණ්ඩායම් සහභාගිත්වයෙන් තෙදිනක් පුරා 5 (සෙව්) ශ්‍රීලකාහ අත්පන්දු ක්‍රීඩාපිටියේදි තරග පවත්වන ලදි. එමගින් අවසන් තරග වටය සදහා 6 ශ්‍රීලසසබ හා 5 (සෙව්) ශ්‍රීලකාහ යන ඒකකයන්හි කණ්ඩායම් තේරිපත් විය. 2023 ඔක්තෝබර් මස 10 දින අවසන් මහා තරගය 5 (සෙව්) ශ්‍රීලකාහ ක්‍රීඩාපිටියේදි පැවැත්වූ අතර, 3 – 2 ලෙස, 5 (සෙව්) ශ්‍රීලකාහ කණ්ඩායම ජයග්‍රහණය කරන ලදි. එම තරගාවලියෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් 22 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජිඑම්එන් පෙරේරා ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යූඑස්පි එන්ඩිසි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි සහභාගි වන ලදි

තවද, 22 පාබල සේනාංකයේ නියෝජ්‍ය සේනාංකාධිපති බ්‍රිගේඩියර් කේකේඑස් පැරකුම් ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි හා 222 පාබල බළසේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් එන්එස්එස් ඩයස් ආර්එස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරි හා අවසන් තරග වටය සදහා සුදුසුකම් ලැබු ඒකකයන්හි ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරින්ද සහභාගි වූ අතර, තරගයේ ත්‍යාග හා සහතිකපත් බෙදා දීම 22 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජිඑම්එන් පෙරේරා ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යූඑස්පි එන්ඩිසි, 22 පාබල සේනාංකයේ නියෝජ්‍ය සේනාංකාධිපති, 222 පාබල බළසේනාවේ බළසේනාධිපති යන ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් සිදුකරන ලදි