Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

25th April 2022 16:09:43 Hours

22 පාබල බළසේනාව විසින් අවශ්‍යතා සහිත සිසුන් සඳහා පොත් පරිත්‍යාග කිරීම වැඩසටහනක් සංවිධානය කරයි.

දැනට ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින සුරංග ඒකනායක මහතා ඇතුළු ඔහුගේ හිතවතුන්ගෙන් ලැබුණු අනුග්‍රහය මත ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සිද්ධපුර - ධර්මරාජ විද්‍යාලයේදී සිසුන් 137 දෙනෙකු සඳහා පොත් තොගයක් 2022 අප්‍රේල් මස 19 වන දින ප්‍රදානය කරන ලදී.

මෙම වැඩසටහන 22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සනත් අලුවිහාරේ ජ්‍යෙෂ්ඨ නිළධාරී සහ 221 පාබල බළසේනාවේ බළසේනාධිපති කර්නල් අනුරුද්ධ සෝලංගආරච්චි ජ්‍යෙෂ්ඨ නිළධාරීගේ මඟපෙන්වීම යටතේ පවත්වන ලදි.

221 පාබල බළසේනාවේ බළසේනාධිපති, 22 වන පාබල සේනාංකයේ සහ 221 පාබල බළසේනාවන්හි සිවිල් සම්බන්ධීකරණ නිළධාරීන් සහ 2 (සෙවි) ගරෙ හි අණදෙන නිළධාරී, ජ්‍යෙෂ්ඨ නිළධාරීන් සහ පාසල් කාර්ය මණ්ඩලය ද මෙම උත්සවයට සහභාගී වූහ.