Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

19th June 2023 11:39:27 Hours

22 වන පාබල සේනාංක‍ නව සේනාංකාධිපතිගේ බලසේනා හා ඒකක නිල සංචාරය

22 වන පාබල සේනාංකයේ නව සේනාංකාධිපති වශයෙන් පත් වූ මේජර් ජෙනරාල් ජිඑම්එන් පෙරේරා ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි එන්ඩිසි ජ්‍යෙෂ්ඨ නිලධාරි රාජකාරි භාර ගැනීමෙන් අනතුරුව, සේනාංකය යටතේ ඇති 221, 222 සහ 223 පාබල බලසේනාවල සහ බලඇණි වෙත තම ප්‍රථම නිල සංචාරය ඉකුත් ජූනි 08, 10,11 13 සහ 14 යන දිනයන් වලදී සිදු කරන ලදී.

මෙම නිල සංචාරයන්හි අරමුණ වූයේ සේනාංක බලප්‍රදේශ පිළිබද අවබෝධයක් ලබා ගැනීම සහ යටතේ ඇති බලසේනා සහ ඒකකයන්හි ස්ථානගතවීම්, රාජකාරි ස්භාවය අධ්‍යනය සදහා විය. නව සේනාංකාධිපත්තුමන්ව ඒ ඒ බලසේනා සහ ඒකක මූලස්ථානයන්හදී යුද්ධ හමුදානුකූලව උණුසුම් අයුරින් පිළිගනු ලැබූ අතර එම සංචාරයන් භඨ පිරිස් ඇමතීම්, එක් එක් මූලස්ථානයන්හි බලප්‍රදේශ පිළිබද විස්තර කිරීම් රුක් රෝපන වැඩසටහන් වලින් සමන්විත විය. සේනාංකාධිපතිතුමන් භට පිරිස් අමතමින්, සෙබළුන්ගේ සුභසාධන පහසුකම් නංවාලීම සහ රාජකාරි අතරතුර, බැරැක්කවල රැඳී සිටීමේදී සහ නිවාඩු අතරතුර යන සෑම අවස්ථාවකදීම යුද්ධ හමුදා සාමාජිකයින් වශයෙන් උසස් විනය පවත්වා ගැනීමේ අවශයතාවය පිළිබඳව විශේෂයෙන් අවධාරනය කරන ලදී.

නිල සංචාරමාලාවේ අවසන් දිනයේදී (ජුනි 14) සේනාංකාධිපතිතුමන් විසින් බළඇණි පුහුණු පාසල තාවුල්වැවෙහි සංචාරයක නිරත වෙමින් දැනට පුහුණුවීම්වල නිරතව සිටින 6 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ රෙජිමේන්තුවෙහි හි භට පිරිස් ඇමතීය. සංචාරය අතරතුරදී සේනාංකාධිපතිතුමන් විසින් පුහුණුව ලබන භට පිරිස්හි චිත්ත ධෛර්ය ඉහල නැංවීමේ අරමුණින් ‘ජීවිතය’ යන මාතෘකාව යටතේ දේශනයක් ද පවත්වන ලදී.