Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

26th May 2024 09:21:08 Hours

22 වන පාබල සේනාංකය සහ15 ශ්‍රිලපාහ, 9 විපාරෙ ඒකකයන් විසින් 2024 වෙසක් උත්සවය නිමිත්තෙන් මහා බත් දන්සල් පවත්වන ලදී.

22 වන පාබල සේනාංකය විසින් ආගමික සහජීවනය සංකේතවත් කරමින් වෙසක් උත්සවයක් 2024 මැයි 23 වන දින පවත්වනු ලබයි. වෙසක් මංගල්‍යයට සමගාමීව 22වන පාබල සේනාංකයේ රාජකාරි කරනු ලබන භටපිරිස් විසින් 10000 ක් සදහාද සේරුවාවිල රජමහා විහාරස්ථානයේ 5500 ක් සදහාද තඹලගමුව 6000 ක් සඳහාද බත් දන්සල් සංවිධානය කරන ලදී.

22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපතිගේ මගපෙන්වීම යටතේ සියලුම බලසේනාධිපතිවරුන්ගේ අධීක්‍ෂණය යටතේ 15 ශ්‍රිලපාහ ඒකකය සහ 9 විපාරෙ ඒකකයන් විසින් මෙම උත්සවය සංවිධානය කරන ලද අතර, 22වන ​​පාබල සේනාංකය විසින් සංවිධානය කරන ලද දන්සල සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් චමින්ද හෙට්ටිආරච්චි මහතා සහභාගී වූ අතර 22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් පීඒඑම් පීරිස් ආර්එස්පී යූඑස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරී සහ221, 222, 223 පාබල බලසේනාවල බලසේනාධිපතිවරුන්, බ්‍රිගේඩියර් ආර්කේඒආර්පී රත්නායක ආර්එස්පී යුඑස්පි පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරී, බ්‍රිගේඩියර් තිලකරත්න ජ්‍යෙෂ්ඨ නිලධාරී, බ්‍රිගේඩියර් වයිඑච්පි රංගජීව යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරී හා 22 වන පාබල සේනාංකයේ කාර්ය මණ්ඩලය සහ මෙම සේනාංකය යටතේ ඇති බලඇණි වල සිටින සියලුම අණදෙන නිලධාරීන්, නිලධාරීන් සෙසුනිලයින් මෙම පුණ්‍ය කටයුක්ත සදහා සහභාගී විය.