?

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

30th November 2025 16:19:53 Hours

22 වන පාබල සේනාංකය යටතේ ඇති 15 වන ශ්‍රිලංකා පාබල හමුදාවේ භඨ පිරිස් විසින් අයහපත් කාළගුණ තත්වය හේතුවෙන් ඇතිවු අධික ගංවතුර තත්වයෙන් කල්අරප්පු, ගම්මානයේ ආපදාවට ලක්ව සිටි සිවිල් වැසියන් පිරිසක් මුදවා ගැනිම

ආසේමු (නැ) යටතේ පාලනය වන 22 වන පාබල සේනාංක බලප්‍රදේශයට බලපෑ අධික වර්ෂාව හේතුවෙන් කල්අරප්පු, ගම්මානයේ ආපදාවට ලක්ව සිටි සිවිල් වැසියන් පිරිසක් 22 වන පාසේමු සේනාංකාධිපති මේජර් මේජර් ජෙනරාල් එච්ඩිඑල්එස් ලලිත් පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පි එන්ඩිසී යන ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ මග පෙන්වීම යටතේ 2025.11.30 වන දින 15 වන ශ්‍රිලංකා පාබල රෙජිමේන්තුවට අයත් 02X15ක භඨ පිරිසක් විසින් ක්‍රියාකාරීව සම්බන්ධ වී ගංවතුරට මැදිව සිටි සිවිල් වැසියන් පිරිස මුදවා ගැනිමට කටයුතු සිදුකරන ලදි.

ඒ අනුව 15 ශ්‍රිලපාහ රෙජිමේන්තුවට අයත් භඨ පිරිස් විසින් මහත් පරිශ්‍රමයක් දරා එම සිවිල් වැසියන් පිරිස මුදවාගෙන ආරක්ෂිත ස්ථානයන් වෙත යොමු කිරිමට කටයුතු සිදුකරන ලදි.