Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

04th October 2022 14:39:52 Hours

22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති ධුරයෙන් නික්ම යයි

22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති ධූරයෙන් නික්ම යන මේජර් ජෙනරාල් සනත් අලුවිහාරේ ආර්ඩබ්පි ආර්එස්පි ජ්‍යෙෂ්ඨ නිළධාරි වෙත ගෞරවාචාර පුද කිරිමේ උත්සවයක් 2022 අගෝස්තු මස 28 දින ආරක්ෂක සේනා මූලස්ථානයේදි පැවැත්විණි.

ආරක්ෂක සේනා (නැගෙනහිර) ප්‍රධාන දොරටුව අභියසට පැමිණි නික්ම යන සේනාංකාධිපති වෙත යුද්ධ හමුදා සම්ප්‍රධානුකූලව කදවුරු මුරයක් පිරිනමනු ලැබූහ. ඉන් අනතුරුව සරඹ භුමියේදි විශ්‍රාම ලබන ජ්‍යෙෂ්ඨ නිළධාරි වෙත සම්මාන මුරයක් පිරිනැමූහ.

ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති කාර්යාලයේදී 22, 23, 24 සේනාංකයන්හි සේනාංකාධිපති වරුන් හා ඉනපෙ (නැ) ආඥාපති සමග සාකච්චාවක්ද පැවැත්වීමෙන් පසු නික්ම යන සේනාංකාධිපති තුමන් හට ආරන්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති තුමන්ගේ සුරතින් සමරු තිළිණයක්ද ප්‍රධානය කරන ලදී.

ධුරයෙන් නික්ම යන ආඥාපති හට සුභ පැතුමන් පැතීමට 22, 23 සහ 24 සේනාංකාධිපති වරුන් බළසේනාධිපති වරුන් ඒකක අණදෙන නිළධාරින් ඇතුලුව නිළධාරි සහභාගි විය.