16th February 2025 11:03:56 Hours
22 වන පාබල සේනාංකයේ 33 වන සේනාංකාධිපති වශයෙන්මේජර් ජෙනරාල් එච් ඩි එල් එස් පෙරේරා ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩිසී ජ්‍යෙෂ්ඨ නිළධාරි 2025පෙබරවාරිමස 13 වන දින සුභ මොහොතින් නව ධූරයෙහි රාජකාරි ආරම්භ කලේය.
නව සේනාංකාධිපති තුමන් සේනාංක මූලස්ථාන ප්‍රධාන දොරටුව අභියසදී පිලිගෙන කදවුරු මුරයක් සහ සම්මාන මුරයක් පිරිනමනු ලැබීය. ඉන් අනතුරුව මේජර් ජෙනරාල්එච්ඩිඑල්එස් පෙරේරා ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩිසි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි නිළ ලේඛණයට අත්සන් තබමින් සිය ධූරයෙහි රාජකාරි භාරගැනිම සනිටුහන් කරන ලදි.
ඉන් අනතුරුව නව සේනාංකාධිපති තුමන් විසින් පැලයක්රෝපණය කිරිම,පැමිණි සිටි භඨපිරිස් ඇමතීම, සියලු නිළ තේ පැන් සංග්‍රහයෙන් අනතුරුවදවසේ කටයුතු අවසන් විය.
මෙම අවස්ථාව සදහා සේනාංකයේ සියලුම නිළධාරින් සහ සෙසුනිළයින්, බළසේනාධිපතිවරුන් හා අණදෙන නිළධාරිවරුන්සහභාගි වන ලදි.