Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

03rd November 2024 10:53:50 Hours

22 වන පාබල සේනාංකයේදී ආපදා ප්‍රතිචාර පුහුණු වැඩමුළුවක් පවත්වයි.

22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් යුකේඩිඩිපි උඩුගම ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි එන්ඩිසි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උදාර සංකල්පයකට අනුව ආරක්‍ෂක සේනා මුලස්තානය (නැගෙනහිර) සහ ඒ යටතේ ස්ථාපිත පාසේමු/පාබසේමූ හා ඒකකයන්හි රාජකාරි ඉටුකරනු ලබන සෙසුනිලයන් 131 දෙනෙකු සහ නිලධාරින් 07දෙනෙකු සදහා මුලික ආපදා ප්‍රතිචාර පුහුණුව පිළිබදව දැනුවත් කිරිමේ දින 03 ක වැඩමුළුවක් 2024.10.28 දින සිට 2024.10.30 වන දින දක්වා 22 වන පාබල සේනාංකයේදී පවත්වන ලදි.

තවද, අදාල මුලික ආපදා ප්‍රතිචාර පුහුණු වැඩමුළුවේ උපදේශකත්වය ශ්‍රි ලංකා යුද්ධ හමුදා ආපදා ප්‍රතිචාර පුහුණු මද්‍යස්ථානය - ගම්පල මගින් සිදු කරනු ලබන අතර, මෙය හුදෙක්ම ආරක්‍ෂක සේනා මුලස්තානය (නැගෙනහිර) යටතේ සිටින සේනාංකයන් හා යටතේ ඇති බළසේනා මුලස්ථාන සහ ඒකකයන්හි සිටින නිලධාරි/සෙසුනිලයන්ගේ ආපදා ප්‍රතිචාර පුහුණු හැකියාව වර්ධණය කිරිමේ අරමුණින් යුතුව සිදුකරණු ලබයි.