?

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

21st January 2026 10:08:17 Hours

22 පාසේමු සේනාංකාධිපති තුමන් මාවිල්ආරු හා නීලපොළ ප්‍රදේශයේ ක්ෂේත්‍ර සංචාරයක නිරතවීම

22 පාසේමු සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව්බීඑම්කේජිකේ විරසේකර ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී ඒයුඑස්ඩබ්ලිව්සී පිඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් මෑත කාලීන අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් බලපෑමට ලක්ව ඇති මාවිල්ආරු සහ නීලපොළ – කාංගුවෙලි ප්‍රදේශවල ක්ෂේත්‍ර සංචාරයක නිරත විය. ඒ සඳහා 22 පාසේමු කර්නල් ප්‍රමානි, 222 පාබල බලසේනා බළසේනාධිපතිතුමන් සහ 9 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී තුමන් ද එක්ව සිටියහ.

මෙහිදී, මෑත කාලයේ ඇති වූ අපදා තත්ත්වය හේතුවෙන් විනාශවු ස්ථානයන් සහ එම ස්ථානයන්හි නව ප්‍රතිසංස්කරණ කටයුතු නිරික්‍ෂණය කල අතර. ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකරනු ලබන භට පිරිස්වල ශ්‍රම දායකත්වයද ඇගයීමට ලක් කලේය.

මෙම සංචාරයෙදි නුදුරේදි ඇතිවිය හැකි කාලගුණික අපදා තත්ත්වයන් සඳහා උපායශීලීව සූදානම් වීම, අපදා සහන සැලසීම, ප්‍රතිසංස්කරණ කටයුතු හා අනෙකුත් අවශ්‍යතාවයන් පිළිබඳව මෙම සංචාරයට සහභාගී වූ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙනින් හා වාරිමාර්ග නිලධාරීන් සමඟ සාකච්ඡා කරන ලදි.