?
01st December 2025 09:01:10 Hours
ආසේමු (නැ) යටතේ පාලනය වන 22 වන පාබල සේනාංක බලප්‍රදේශයේ 222 පාබල බළසේනා මුලස්ථානයට අයත් කන්තලේ සුරියපුර ගම්මනයේ අනාරක්ෂිත තත්වයේ සිටි ගොවියන් පිරිසක් 22 වන පාසේමු සේනාංකාධිපති මේජර් මේජර් ජෙනරාල් එච්ඩිඑල්එස් ලලිත් පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පි එන්ඩිසී යන ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ මග පෙන්වීම යටතේ 2025.11.27 වන දින 5 (සෙව්) කාලතුවක්කු රෙජිමෙන්තුවට අයත් 01X09ක භඨ පිරිස් විසින් ක්‍රියාකාරීව සම්බන්ධ වී ආපදා තත්වයෙන් ගොවින් පිරිස මුදවා ගැනිමට කටයුතු සිදුකරන ලදි. ඒ අනුව 5 (සෙව්) කාලතුවක්කු රෙජිමෙන්තුවට අයත් භඨ පිරිස් විසින් මහත් පරිශ්‍රමයක් දරා එම ගොවින් පිරිස මුදවාගෙන ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරිමට කටයුතු කරන ලදි.