?

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

04th October 2025 14:51:20 Hours

2025 ලෝක ළමා දින වැඩසටහනට සමගාමිව ආරක්‍ෂක සේනා මුලස්ථානය වෙතින් පාසල් උපකරණ ක්‍රිඩා උපකරණ හා රෙදිපිලි බෙදා දිමේ වැඩසටහනක් සංවිධානය කරන ලදි.

ආරක්‍ෂක සේනා මුලස්ථානය (නැගෙනහිර) විසින් 2025 ලෝක ළමා දිනයට සමගාමීව ඔක්තෝම්බර් මස 03 වන දින මෙම බලප්‍රදේශයට අයත් පො/නැ/ලුම්බිණි ප්‍රථමික විද්‍යාලයේ ඉගනුම ලබන පාසල් සිසුසිසුවින් 202 ක් සදහා පාසල් උපකරණ, ක්‍රිඩා භාණ්ඩ හා රෙදිපිලි ලබා දීමේ වැඩ සටහනක් පවත්වන ලදි.

මෙම වැඩ සටහන ආරක්‍ෂක සේනා මුලස්ථානය (නැගෙනහිර) ආඥාපති තුමාගේ මගපෙන්විම යටතේ ආරක්‍ෂක සේනා මුලස්ථානය (නැගෙනහිර) වෙතින් සංවිධානය කරන ලද අතර, ඒ සදහා ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජේ එස් බී ඩබ්ලිව් පල්ලෙකුඹුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි සහ එම මැතිණිය ඇතුලු එතුමාගේ දුවාදරුවන් මෙන්ම ආරක‍්ෂක සේනා මුලස්ථාන (නැගෙනහිර) බ්‍ර්ගේඩියර් ප්‍රධාන මණ්ඩලික නිලධාරි ඇතුලු මෙම ආරකෂක සේනා මුලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්/නිලධාරි සහ සෙසු නිලයින් ඒ සදහා සහාභාගි වන ලදි.