Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

26th May 2024 21:00:51 Hours

2024 වෙසක් පොහෝ දින ආරක්‍ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) විසින් වෙසක් කලාපයක් සහ සිවිල් වැසියන් සඳහා බත් දන්සලක් පවත්වයි

ආරක්‍ෂක සේනා (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් එස් ඒ කුලතුංග ආර්ඩබිලිවිපි ආර්එස්පි විඑස්වි යුඑස්පි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සංකල්පය හා මගපෙන්වීම අනුව, ආරක්‍ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) සහ 23 පාබල සේනාංක, ලොජිස්ටික් බලඇණි සහ අනුබද්ධ බලඇණි එක්ව 2024 මැයි මස 23 වන දින බුදුන් වහන්සේගේ තෙමගුල සිහිපත් කරමින් ගෞරවනීය සුවාමින් වහන්සේ විසින් ආගමික වතාවත් සිදු කර එම ස්ථානයේ සිටි සියලු දෙනාට ආශිර්වාද පතා ඉන් අනතුරුව මෙම උත්සව කටයුතු ආරම්භ කරන ලදී.

තවද, මෙම වෙසක් උත්සවය 2024 මැයි මස 23 වන දින සිට 26 දින දක්වා වැලිකන්ද නගරයේ වෙසක් කලාපයේදී උත්කර්ෂවත් අන්දමින් 1900 පැයේ සිට වෙසක් කූඩු ප්‍රදර්ශනය නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති විසින් මහජනතාව සඳහා විවෘත කරන අතර ආරක්‍ෂක සේනා (නැගෙනහිර) භට පිරිස් විසින් ප්‍රදේශයේ වෙසෙන සියලු දෙනාගේ හදවත් සහ සිත් සතන් පුරවාලීම සඳහා සිත් ඇදගන්නා සුළු කැරකෙන පහන් කූඩු ඇතුළුව පහන් කූඩු දාහතරක් ප්‍රදර්ශණය කරන ලදී. ආරක්‍ෂක සේනා (නැගෙනහිර) ආඥාපති, වෙසක් කලාපයේ සංචාරයක නිරත වූයේ, රටේ පොහොසත් සංස්කෘතික හා ආගමික උරුමයන් විදහා දැක්වෙන ධජ, පහන් කූඩු සහ විදුලි පහන් වලින් සමන්විත ආකර්ෂණීය වෙසක් සැරසිලි නිරීක්ෂණය කරමිනි. මෙම සංචාරයේදී, වැලිකන්ද ප්‍රදේශයේ මෙම සංදර්ශනය සංවිධානය කිරීමට සම්බන්ධ වූ සියලු දෙනාගේ උත්සාහය නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපතිතුමා විසින් අගය කරන ලදී.

ඉන් අනතුරුව, එම කලාපයේ සංවිධානය කරන ලද බත් දන්සල ආරක්ෂක සේනා නැගෙනහිර ආඥාපති විසින් සිවිල් වැසියන් සඳහා විවෘත කරන ලදී. එය පොළොන්නරුව, මඩකලපුව මාර්ගයේ ගමන් ගන්නා අතිවිශාල පිරිසකට සහ අවට ජනතාව 8000 කට ආසන්න පිරිසක් බත් දන්සල සඳහා සහභාගි වූහ.