Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

24th May 2024 11:37:53 Hours

2024 වර්ෂයේ නිලධාරීන්ගේ නිළ උසස්වීම් විභාගය සඳහා පෙර සුදානම් කිරීමේ පාඨමාලාවක් ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) විසින් සංවිධානය කරන ලදි

ආරක්‍ෂක සේනා (නැගෙනහිර) ආඥාපති, මේජර් ජෙනරාල් ෂෙවන්ත් කුලතුංග ජ්‍යෙෂ්ඨ නිළධාරීගේ මඟපෙන්වීම මත, ආරක්‍ෂක සේනා (නැගෙනහිර) ප්‍රදේශයට අයත් 2024 වර්ෂයේදී ලුතිතන් සිට කපිතන් දක්වා නිළ උසස්වීම් විභාගයට පෙනී සිටින නිලධාරීන් සඳහා 2024 මැයි 15 දින සිට 21 දින දක්වා දේශණ මාලාවක් වැලිකන්ද ආරක්‍ෂක සේනා මුලස්ථානය (නැගෙනහිර) දේශණ ශාලාවේදී සංවිධානය කරන ලදී.

පාඨමාලාව සඳහා නිලධාරීන් 26 දෙනෙකු සහභාගී වූ අතර, සුදුසුකම්ලත් ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ නිළධාරීන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් විසින් සියලුම විෂයන් සඳහා අදාල දේශණ පවත්වන ලදී. ආරක්‍ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) හි මාණ්ඩලික නිලධාරීන් විසින් පාඨමාලාව සම්බන්ධීකරණය කරන ලදී.