Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

01st March 2023 11:17:30 Hours

2023 වර්ෂයේ නිලධාරීන්ගේ නිළ උසස්වීම් විභාගය සඳහා පෙර සුදානම් කිරීමේ පාඨමාලාවක් ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) විසින් සංවිධානය කරන ලදී.

ආරක්‍ෂක සේනා (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් සුජීව හෙට්ටිආරච්චි ජ්‍යෙෂ්ඨ නිළධාරීගේ මඟපෙන්වීම මත, ආරක්‍ෂක සේනා (නැගෙනහිර) ප්‍රදේශයට අයත් 2023 වර්ෂයේදී කපිතන් සිට මේජර් දක්වා නිළ උසස්වීම් විභාගය සඳහා පෙනී සිටින නිලධාරීන් සඳහා 2023 පෙබරවාරි 25 දින සිට මාර්තු 05 දින දක්වා දේශන මාලාවක් වැලිකන්ද ආරක්‍ෂක සේනා මුලස්ථානයේ (නැගෙනහිර) දේශන ශාලාවේදී සංවිධානය කරන ලදී.

පාඨමාලාව සඳහා නිලධාරීන් 30 දෙනෙකු සහභාගී වූ අතර සුදුසුකම් ලත් ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ නිළධාරීන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් විසින් සියලුම විෂ්‍යයන් සඳහා අදාල දේශන පවත්වන ලදී. ආරක්‍ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) හි මාණ්ඩලික නිලධාරීන් විසින් පාඨමාලාව සම්බන්ධීකරණය කරන ලදී.