Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

07th November 2022 11:28:41 Hours

2022 වසරේ 23 පාබල සේනාංකයේ අන්තර් බළඇණි පැසිපන්දු තරඟාවලිය පැවැත්විණි

ආරක්‍ෂක සේනා නැගෙනහිර ආඥාපති මේජර් ජෙනරාල් ප්‍රියන්ත ජයවර්ධන ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ සංකල්පයක් මත 23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ශෙවන්ත කුලතුංග ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ උපදෙස් සහ 231 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් දිලූප බණ්ඩාර ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ අධීක්ෂණය යටතේ 23 පාබල සේනාංකයේ 2022 අන්තර් බෝල් තරඟාවලිය ඔක්තෝබර් 29 සහ 30 යන දිනයන්හිදී කල්අඩි "සිවානන්ද" කොලෙජ් පැසිපන්දු පිටියේදී පැවැත්විණි.

මෙම තරගාවලිය සදහා 23 පාබල සේනාංකය, 4 වන ගැමුණු හේවා බලඇණිය, 12 වන ගැමුණු හේවා බලඇණිය, 11 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව සහ 12 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුඵව වශයෙන් කණ්ඩායම් 4 ක් සහභාගි විය.

ඒ අනුව 12 වැනි ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුඵව පරාජය කරමින් 11 වැනි (ස්වේච්ඡා) බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව ශූරතාව දිනා ගන්නා ලදී. ජයග්‍රාහී කණ්ඩායම සහ අවසන් තරගයේ දක්ෂතා දැක්වූ ක්‍රීඩකයින් සඳහා 23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති, 231 පාබල බලසේනාවේ බළසේනාංකාධිපති විසින් ත්‍යාග ප්‍රදානය කෙරු අතර, ත්‍යාග ප්‍රධානය කිරීමේ උත්සවය සඳහා අණදෙන නිළධාරීන්, නිළධාරීන් සහ සෙසු නිලයින් සහභාගී විය.