Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

19th January 2023 11:48:27 Hours

2022 වර්ෂයේ ආරක්ෂක සේනා (නැගෙනහිර) අන්තර් සේනාංක පැසිපන්දු තරඟාවලියේ ශූරතාවය 23 වන පාබල සේනාංකය විසින් ජයග්‍රහණය කරයි.

ආරක්‍ෂක සේනා (නැගෙනහිර) ආඥාපති, මේජර් ජෙනරාල් සුජීව හෙට්ටිආරච්චි ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ සංකල්පයක් සහ මඟපෙන්වීම මත 24 පාබල සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් විපුල චන්ද්‍රසිරි ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ අධීක්‍ෂණය යටතේ ආරක්‍ෂක සේනා (නැගෙනහිර) අන්තර් සේනාංක පැසිපන්දු තරගාවලිය 24 පාබල සේනාංකය විසින් මූලිකත්වය ගෙන සංවිධානය කරන ලදී. මෙම තරඟාවලියේ මූලික වටයේ තරඟ සදහා ආරක්ෂක සේනා මුලස්ථානය (නැගෙනහිර), ඉදිරි නඩත්තු පෙදෙස (නැගෙනහිර), 22, 23 සහ 24 පාබල සේනාංකවල පැසිපන්දු කණ්ඩායම්හි සහභාගීත්වයෙන් මඩකළපුව “වෙබර්” ගෘහස්ථ ක්‍රීඩාංගණයේදි ආරම්භ විය. සියලුම කණ්ඩායම් වෘත්තීය කුසලතා ප්‍රදර්ශනය කළ අතර සෙසු කණ්ඩායම් අභිබවා විශේෂ දක්ෂතා දක්වමින් 23 වන සහ 24 වන පාබල සේනාංක පැසිපන්දු කණ්ඩායම් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්හ. තරඟාවලියේ අවසන් තරඟය 2023 ජනවාරි මස 13 වන දින මඩකළපුව “වෙබර්” ගෘහස්ථ ක්‍රීඩාංගණයේදි පැවැත්විණි.

තවද, සියලුම ප්‍රේක්ෂකයින් මෙන්ම ක්‍රීඩකයින් අතර සහෘදත්වය, අධිෂ්ඨානය, ධෛර්යය, විනය සහ ක්‍රීඩාශීලිත්වය වැඩි දියුණු කරන බැවින් නිලධාරීන් සහ සෙසු නිලයින් මනා උද්‍යෝගයකින් යුතුව තරඟාවලියට සහභාගී වූහ. අවසන් මහා තරඟයේදි 65 ට 63 ක් වශයෙන් ලකුණු රැස්කර තරඟාවලියේ ශූරතාවය 23 වන පාබල සේනාංක පැසිපන්දු කණ්ඩායම විසින් දිනාගත්තේය. 2022 වර්ෂයේ ආරක්ෂක සේනා (නැගෙනහිර) අන්තර් සේනාංක පැසිපන්දු තරඟාවලියේ අවසන් තරඟයේදී 24 වන පාබල සේනාංකයට එරෙහිව 23 වන පාබල සේනාංකය විශිෂ්ට ජයක් ලබා ගන්නා ලදි. මඩකළපුව විශ්ව භාරත් නැටුම් ඇකඩමිය විසින් දෙමළ සංස්කෘතික නැටුම් සංදර්ශණයක් සහ උහන සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු නර්තන කණ්ඩායම විසින් සිංහල සංස්කෘතික නැටුම් සංදර්ශණයක් ප්‍රදර්ශනය කර අවසන් මහා තරගය වර් ණවත් කරන ලදි. පහත සඳහන් අය ඔවුන්ගේ සුවිශේෂී දස්කම් සඳහා විශේෂයෙන් ඇගයීමට ලක් වූ අතර ඔවුන්හට ත්‍යාග හා කුසලාන ලබා දෙන ලදී.

* හොඳම විදින්නා - නි/8697 කපිතන් පිසිකේ රණවීර ශ්‍රීලංජාආබමු (16 ශ්‍රීලංජාආබමු) - 24 සේනාංකය

* හොඳම ක්‍රීඩකයා - සෙ/11ඊ01304 සැරයන් වීරසූරිය එච්පිඩීඑස්එල් (11 ශ්‍රිලංසිරෙ) - 23 සේනාංකය

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ආරක්‍ෂක සේනා (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් සුජීව හෙට්ටිආරච්චි ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් සහභාගී විය. පාබල සේනාංකාධිපතිවරුන්, පාබල බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරීන්, නැගෙනහිර ආරක්ෂක සේනාවට අයත් ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරීන් සහ සම්භාවනීය ආරාධිතයින් මෙම අවස්ථාවට සහභාගී වූහ. ප්‍රධාන ආරාධිත අමුත්තා වු ආරක්‍ෂක සේනා (නැගෙනහිර) ආඥාපති, මේජර් ජෙනරාල් සුජීව හෙට්ටිආරච්චි ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් ශූරයන් සහ අනුශූරයන් සමග සමූහ ඡායා රූපයකටද පෙනී සිටින ලදි.