Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

03rd November 2023 07:12:27 Hours

20 වන සංවත්සරය වෙනුවෙන් නැගෙනහිර මූලස්ථානය ලේ දන්දීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී

20 වැනි සංවත්සරයට සමගාමීව පොළොන්නරුව ලේ බැංකුවේ සහයෝගය සමගින් ලේ දන්දීමේ වැඩසටහනක් අඟහරුවාදා (නොවැම්බර් 02) දින ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) විසින් සන්විධානය කරන ලදී. සේවයේ නියුතු නිලධාරීන් සහ සෙසුනිලයින් 100 කට අධික පිරිසක් ලේ දන්දීමේ වැඩසටහන සදහා තම ලේ පරිත්‍යාග කල අතර මූලස්ථාන ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් ප්‍රසන්න ගුණරත්න ආර්එස්පි එන්ඩියු පිඑස්සි අයිඡි ඡ්‍යෙෂඨ නිලධාරි විසින්ද 20 වන සංවත්සරය නිමිත්තෙන් ලේ පරිත්‍යාග කිරිම සිදු කළේය.

මෙම විශේෂ දිනයේ දී ලේ පරිත්‍යාග කිරීමට නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ බැවින් වැඩසටහන ඉතා සාර්ථක විය.