?

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

31st May 2025 20:10:18 Hours

20 වන බලඇණිය ගජබා රෙජිමේන්තුව රුධිර පරිත්‍යාග වැඩසටහනක් සංවිධානය කරයි.

221 වන පාබල බලසේනාවේ බළසේනාධිපතිගේ මඟ පෙන්වීම යටතේ හා 20 වන බළඇණිය ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිළධාරීගේ සම්බන්ධීකරණය හා අධීක්‍ෂණය යටතේ 2025 මැයි 26 වන දින රුධිර පරිත්‍යාග වැඩසටහනක් සාර්ථකව පවත්වන ලදී.

මෙම අවස්ථාව සඳහා ජාතික ලේ බැංකුව ත්‍රිකුණාමලය ශාඛාවේ වෛද්‍ය කණ්ඩායමක් වෘත්තීමය සහයෝගය ලබාදුන් අතර, වැඩසටහනේ ප්‍රතිඵලයක් ලෙස රුධිර ඒකක 90 ක් ජාතික රුධිර සංචිතයට එක් කරමින් අසරණ රෝගීන්ගේ රුධිර අවශ්‍යතාවය සපුරාගැනීම සඳහා යුද්ධ හමුදාවේ සමාජ වගකීම ඉටුකිරීම වෙනුවෙන් දායකත්වය දක්වන ලදී. ඒ සඳහා මෙම ඒකකයේ නිලධාරීන්/සෙසුනිලයින් හා සිවිල් සේවක මහතුන් 65ක්ද, 1 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ සෙබළුන් 10 දෙනෙකුද, ශ්‍රී ලංකා නාවික හමුදාවේ රන්වැලි කඳවුරේ (පුල්මුඩේ) නාවිකයින් 15 දෙනෙකුද දායකත්වය ලබාදෙන ලදී.