?
04th October 2025 06:36:41 Hours
22 පාබල සේනාංකාධිපති සහ 221 පාබල බලසේනාවේ බළසේනාධිපතිගේ උපදෙස් පරිදි 20 වන බලඇණිය ගජබා රෙජිමේන්තුවේ යුද්ධ හමුදා සාමාජිකයින් විසින් 2025 ලෝක ළමා දිනයට සමගාමීව ඔක්තෝම්බර් 01 වන දින පාසල් සිසුන් 59 කින් සමන්විත ත්‍රී/උතුර කණිජවැලි සිංහල විද්‍යාලයේ සංවිධානය කරනු ලැබූ ලෝක ළමා වැඩසටහන සඳහා තම දායකත්ව ලබාදීමට කටයුතු කරන ලදි.
මෙම වැඩසටහන 20 වන බලඇණිය ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිළධාරී, ලුතිතන් කර්නල් රෝහණ ඒකනායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පි පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ පූර්ණ අධීක්ක්ෂණය සහ සංවිධානය යටතේ සිදු කරන ලදී. මෙම වැඩසටහන යටතේ, පාසල් සිසුන්ගේ දක්ෂතා එළිදැක්වීම සඳහා විනෝදක්රීඩා මෙන්ම පාසල් සිසුන් සඳහා සංගීතාස්වාදය සහිත විනෝදාත්මක වැඩසටහනක්ද පැවැත්වීමට කටයුතු කරන ලදි.
තවද, මෙම වැඩසටහන සඳහා පාසැලේ ගුරුභවතුන් හා දෙමාපියන් සහභාගීවූ අතර, වැඩසටහන සාර්ථක කරගැනීම සදහා 20 වන බලඇණිය ගජබා රෙජිමේන්තුවේ හමුදා සාමාජිකයින් 02x15 දෙනෙකු සහභාගී වූ අතර, වැඩසටහනේ සියළුම අංගයන් සංවිධානය කිරිම සහ අවසානයේ පාසල් සිසුන් සහ සහභාගිවු දරුවන් සදහා ප්‍රනිත දිවා ආහාර වේලක් පාර්සල් වශයෙන් ලබාදිමට කටයුතු කරන ලදි.