Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

11th December 2023 11:36:23 Hours

20 වන ගජබා රෙජිමේන්තුව මගින් පුල්මුඩේ මුස්ලිම් මධ්‍ය මහා විද්‍යාලයේ අක්ෂි හා ඇසේ සුද පරීක්ෂා කිරීමේ සායනයක් පවත්වයි

ආසේමු (නැගෙනහිර) යටතේ ස්ථාපිත 22 වන පාබල සේනාංකයට අයත් 221 වන පාබල බලසේනා මූලස්ථානය යටතේ පාලනය වන 20 වන බළඇණිය ගජබා රෙජිමේන්තුවේ භඨපිරිස් හා Assit Resettlement And Renaissance විසින් සංවිධානය කරන ලද අක්ෂි සායනය හා ඇසේ සුද පරීක්ෂා කිරීමේ වැඩසටහනක් 2023 දෙසැම්බර් මස 09 වන දින පුල්මුඩේ මුස්ලිම් මධ්‍ය මහා විද්‍යාලයේදී පවත්වන ලදි.

මේ සදහා පුල්මුඩේ නගරය අවට ප්‍රදේශවාසීන් 217ක් සහභාගී වූ අතර ඉන් 56 දෙනෙකු ඇසේ සුද සදහා ප්‍රතිකාර ලබාදීමට යොමු කල අතර ඉන් 161 දෙනෙකු සදහා ඇස් කන්නාඩි ලබාදීම සදහා ලියාපදිංචි කර ගන්නා ලදි. මෙම අවස්ථාව සාර්ථක කර ගැනීම සදහා Assit Resettlement And Renaissance සංවිධානයේ සභාපති ආචාර්ය සර්වේෂ්වරම් මහතාද වෛද්‍ය නිෂ්මා රාෂික් හා වෛද්‍ය ඩී කජනා ඇතුලු 13 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයේ පිරිසක්ද සහභාගිවිය.

22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් පීඒඑම් පීරිස් ආර්එස්පී යූඑස්පී පීඑස්සී, 22 වන පාබල සේනාංකයේ කර්නල් ප්‍රමානි කර්නල් කේඒඑස්ජේ කොඩිතුවක්කු යූඑස්පී පීටීඑස්සී හා ජ්‍යේෂ්ඨ නිලධාරීන් පිරිසක්ද, 20 ගරෙ අණදෙන නිලධාරී මේජර් ඩබ්ලිව්ඩබ්ලිව්එන්සී වඩුගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ජ්‍යේෂ්ඨ නිලධාරී ඇතුළු ඒකකය වෙතින් නිලධාරි 02ක් හා සෙසුනිලයින් 18ක් සහභාගි විය.