?

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

15th July 2025 16:37:24 Hours

20 වන ගජබා රෙජිමේන්තු බලඇණිය පුල්මුඩෙයි මූලික රෝහලේ පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වයි

ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර)  ආඥාපති  මේජර් ජෙනරාල් ජේ.එස්.බී.ඩබ්ලිව්.පල්ලේකුඹුර RWP RSP ndu psc, ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මඟ පෙන්වීම යටතේ  20 වන ගජබා රෙජිමේන්තු බලඇණිය පුල්මුඩෙයි මූලික රෝහලේ පුළුල් පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.

මෙම මෙම වැඩසටහන 22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපතිගේ පූර්ණ අධීක්ෂණය යටතේ සිදු කරන ලදී. 221 වන පාබල බලසේනාවේ බලසේනාධිපති විසින් ආරම්භ කරන ලද පුළුල් සංකල්පයේ කොටසක් ලෙස මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.

රෝහල් කාර්ය මණ්ඩලය සහ ප්‍රාදේශීය සිවිල් වැසියන් සමඟ සහයෝගයෙන් සම්බන්ධවී කරන ලද මෙම අවස්ථාවට 20 වන බලඇණියේ භට පිරිස් 25 දෙනෙකුගේ ක්‍රියාකාරී සහභාගීත්වය දක්නට ලැබුණි. රෝහල් පරිශ්‍රයේ පිරිසිදුකම සහ සනීපාරක්ෂක ප්‍රමිතීන් වැඩිදියුණු කිරීම, රෝගීන්ට සහ කාර්ය මණ්ඩලයට එකසේ පරිසරය වැඩිදියුණු කිරීම මෙම සාමූහික ප්‍රයත්නයේ අරමුණ විය.

අර්ථවත් මැදිහත්වීමක් තුළින් ප්‍රජා සංවර්ධනයට සහාය වීම සහ දේශීය ආයතන සමඟ සබඳතා ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අඛණ්ඩ කැපවීම මෙම මුලපිරීම මගින් පිළිබිඹු වේ.