?

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

20th January 2026 17:21:11 Hours

20 වන බලඇණිය ගජබා රෙජිමේන්තුව විසින් හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් ආපදාවට ලක්වු සිවිල් ජනතාව සඳහා වියළි සලාක මළු සහ පාසල් ළමුන් සඳහා පාසල් බෑග් බෙදාදීම.

           

දිවයිනට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අවතැන්වූ හා පීඩාවට පත්වූ ජනතාව වෙත සහන සැලසීම වෙනුවෙන් 22වන පාබල සේනාංකයේ හා මේජර් ජෙනරාල් ඒපීඅයි ප්‍රනාන්දු ආර්ඩබ්ලිව්පී යූඑස්පී (විශ්‍රාමික) යන ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ සම්බන්ධීකරණයෙන්, තත් ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ ඥාති සහෝදරියක වන ඇමෙරිකා එක්සත් ජනපදයේ පදිංචිව සිටින වෛද්‍ය යමානි ගුණවර්ධන මහත්මිය ඇතුළු පවුලේ ඥාතීන් හා හිතමිතුරන්ගේ මූල්‍ය පරිත්‍යාගයෙන් වියළි සලාක මළු 200ක ප්‍රමාණයක් හා පාසල් දරුවන් සඳහා පාසල් බෑග් 100ක ප්‍රමාණයක් තෝරා ගන්නා ලද පුල්මුඩේ ප්‍රදේශයේ දිළිඳු පවුල් 200ක් සඳහා බෙදාදීමේ ප්‍රජා සත්කාරමය වැඩසටහනක් මෙම ඒකක බලප්‍රදේශයේ පිහිටි පුල්මුඩේ අර්ෆත් මුස්ලිම් විද්‍යාලයේදී 2026 ජනවාරි මස 19 වන දින පවත්වන ලදී.

                                        

මෙම වැඩසටහන 20 වන බළඇණිය ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී ලුතිතන් කර්නල් රෝහණ ඒකනායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පිඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ පූර්ණ අධික්‍ෂණය යටතේ පැවැත්වු අතර, මෙම අවස්ථාව සඳහා 221 පාබල බළසේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් චන්දිම බෙලිගස්වත්ත ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරී, කුච්චවේලි ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සහකාර සැලසුම් අධ්‍යක්‍ෂක, පුල්මුඩේ පොලිස් ස්ථානාධිපති හා රාජ්‍ය නිලධාරීන් සහභාගීවූ අතර, ප්‍රජාසත්කාර වැඩසටහන සාර්ථක කරගැනීම සඳහා ඒකකයේ නිලධාරීන් සහ සෙසුනිලයින් 04x25ක ශ්‍රම දායකත්වය ලබා දෙන ලදී.