Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

16th April 2025 12:27:50 Hours

20 වන බලඇණිය ගජබා රෙජිමේන්තුව විසින් අඩු ආදායම්ලාභී ගැබිණි මව්වරුන් සඳහා පෝෂණ මළු බෙදාදීම

ආරක්ෂක සේනා මුලස්ථානය (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් පී. ආර්. පතිරවිතාන, යුඑස්ඒඩබ්ලිව්සි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මගපෙන්වීම සහ උපදෙස් මත 22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපතිගේ අධීක්ෂණය යටතේ, 221 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමාගේ සම්බන්ධීකරණයෙන්, ඕස්ට්‍රේලියාවේ පදිංචි ශ්‍රී ලාංකිකයෙකු වන සමීර ගුණරත්න මහතාගේ මූල්‍ය සහයෝගය ඇතිව, 20 වන බළඇණිය ගජබා රෙජිමේන්තු බළප්‍රදේශයට අයත් ග්‍රාමසේවා වසම් අතුරින් පරණ මැදවච්චිය හා තෙන්නමරම්වාඩිය යන ග්‍රාමසේවා වසම්හී ජීවත්වන අඩු ආදායම්ලාභි ගැබිණි මව්වරුන් සඳහා රු:5000.00කට අධික වටිනාකමකින් යුත් පෝෂ්‍යදායී වියළි ආහාර මළු බෙදාදීමේ ප්‍රජාසත්කාරමය වැඩසටහනක් 2025 අප්‍රේල් මස 12 වන දින මෙම ඒකක පරිශ්‍රයේදී පවත්වන ලදී.

මෙම ප්‍රජාසත්කාර වැඩසටහන සාර්ථක කරගැනීම සඳහා ඒකකයේ නිලධාරීන් 3ක් හා සෙසුනිළයින් 20ක ප්‍රමාණයකගේ දායකත්වය ලබාදෙන ලද අතර ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවිකාවක්ද ගැබිණි මවුවරුන් හා ඔවුන්ගේ පවුල්වල සාමජිකයින් පිරිසක්ද මෙම අවස්ථාව සදහා සහභාගී වන ලදඅතර වැඩසටහන අවසානයේ ඔවුන් හට දිවා ආහාර වේලක්ද ලබාදෙන ලදි.