Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

26th February 2023 14:35:13 Hours

2 වන ස්වේච්ජා බලඇණිය ගජබා රෙජිමේන්තුව රේවත ළමා නිවාසයේ දූ දරුවන්හට දිවා ආහාර වේලක් පිරිනමයි.

22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති, මේජර් ජෙනරාල් සාලිය අමුණුගම ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සංකල්පයක් මත සහ 221 වන පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් සුජීව රත්නායක සහ 2 වන ස්වේච්ජා බලඇණිය ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිළධාරී සහ ඒකකයේ නිලධාරින් සහ සෙසු නිලයින් විසින් 2023 පෙබරවාරි 26 වැනි දින ත්‍රිකුණාමලයේ “රේවත” ළමා නිවාසයේ දරුවන්ට දිවා ආහාර වේලක් පිරිනැමීමේ උදාර වැඩසටහනක් සංවිධානය කරන ලදී. තවද අත්‍යවශය භාණ්ඩ සහ පාසල් උපකරණ බෙදාදුන් අතර, මෙම අවස්ථාව තවත් වර්ණවත් කරමින් “රේවත” ළමා නිවාසයේ දරු දැරියන් විසින් විනෝදාත්මක 22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති, මේජර් ජෙනරාල් සාලිය අමුණුගම ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ වැඩසටහන් කිහිපයක් ඉදිරිපත් කළහ ඔවුන්ගේ රංගනයෙන් පැමිණ සිටි පිරිස සතුටට සහ ප්‍රීතියට පත් විය.

ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට 2 වන ස්වේච්ජා බලඇණිය ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිළධාරී සහභාගී වූ අතර, එම ඒකකයේ නිලධාරීන්, සෙසු නිලයින් සහ “රේවත” ළමා නිවාසයේ පාලිකාව ඇතුලු ආචාර්ය මණ්ඩලය මෙම පරිත්‍යාග වැඩසටහන සඳහා සහභාගී විය.