Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

23rd October 2023 10:40:34 Hours

2 වන බලඇණිය ගජබා රෙජිමේන්තුවේ නව අණදෙන නිලධාරි වැඩ භාර ගනී

මේජර් එච්ජි‍කේඑස් ධර්මදාස ආර්ඩබිලිව්පි ආර්එස්පි ‍ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් 2023 ඔක්තෝම්බර් මස 21 දින සර්ව ආගමික ආශිර්වාද මධ්‍යයේ ‍‍‍‍ඓතිහාසික ත්‍රිකුණාමලය බළකොටුවේ දි 17 වන අණදෙන නිලධාරි වශයෙන් 2 වන බලඇණිය ගජබා රෙජිමේන්තුවේ සුභ මොහොතින් රාජකාරි භාර ගන්නා ලදී.

කඳවුර වෙත පැමිණි අණදෙන නිළධාරි මහත් හරසරින් යුතුව වැඩ බලන දෙවන අණදෙන නිළධාරී මේජර් ඩියුඩිඊ කොඩිතුවක්කු ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් විසින් ඉතා උණුසුම් ලෙස පිළිගන්නා ලදී. අනතුරුව නව අණදෙන නිලධාරීතුමන් වෙත උත්කර්ශවත් ලෙස කදවුරු මුරයක් ලබා දි පිළිගත් අතර ඉන් පසු සර්වආගමික වතාවත් වලින් අනතුරුව තනතුරෙහි රාජකාරි නිල ලේඛනයකට අත්සන් තබමින් සාර්ථකව ආරම්භ කරන ලදි. තවද බළඇණියේ භට පිරිස් ඇමතිමෙන් පසුව සියළු නිළයින්ගෙන් සමන්විත තේපැන් සංග්‍රයට සහභාගි වු අතර එහි දි බළඇණියේ භට පිරිස් සමග සුහද කතාබහක නිරතවන්නට විය.