?

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

30th November 2025 08:20:52 Hours

2 (සෙව්) ගජබා රෙජිමේන්තුව විසින් ගංවතුරෙන් බලපෑමට ලක්ව සිටි ගොවියන් පිරිසක් මුදවා ගැනීම සඳහා මෙහෙයුමක් සිදු කිරිම.

ආසේමු (නැ) යටතේ පාලනය වන 22 සේනාංක බලප්‍රදේශයට අයත් 223 පාබල බලසේනා මුලස්ථාන බලප්‍ර දේශය තුල පිහිටි නෙදුන්කෙනිකුලම් ගම්මානයේ අධික වර්ෂාව නිසා ඇති වු අධික ගංවතුර තත්වය හේතුවෙන් කුඹුරු ප්‍රදේශය තුල සිරවී සිටි ගොවින් පිරිසක් 2 (සෙව්) ගජබා රෙජිමේන්තුවට අයත් 01 x 09ක භට පිරිස් ප්‍රමාණයක් යොදවා බලපෑමට ලක්ව සිටි ගොවින් පිරිස 2025.11.28 වන දින මුදවා ගැනිමට කටයුතු සිදිකරන ලදි.

මුදාගත් සියලුම පුද්ගලයින් ආරක්ෂිතව නම් කරන ලද ආරක්ෂිත ස්ථාන වෙත යොමුකර ඇති අතර වෙනත් කිසිදු හානියක් වාර්තා වී නොමැති බැවින් අවශ්‍ය උපදෙස් මත අවශ්‍ය පරිදි තවදුරටත් සහාය ලබා දීම සඳහා භට පිරිස් සුදානම්ව ඇත.